ගෘහ සේවිකා ආර්. රාජ්කුමාරි වෙනුවෙන් විරෝධතාවක් සහ ඇයට යුක්තිය ඉටු කරගැනීම සඳහා නීති සහය ලැබේ. රාජ්කුමාරි වෙනුවෙන් පුළුල් හඬක්
ව්‍යාපාරික කාන්තාවක් වන සුධර්මා නෙත්තිකුමාරගේ රන් භාණ්ඩ ප්‍රමාණයක් හොරකම් කළායැයි අත්අඩංගුවට ගෙන, පොලිස් අත්අඩංගුවේදී සැකසහිත ලෙස මරණයට පත් වූ ආර්. රාජ්කුමාරි පිළිබඳ සිදුවීමට අදාල වැලිකඩ පොලීසියේ නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.
ඊට අමතරව තවත් නිලධාරීන් තිදෙනෙකුට ස්ථාන මාරු ලබා දී ඇත.
මේ අතර වෘත්තිය සමිති, සිවිල් සංවිධාන ඒකාබද්ධව ආර්. රාජ්කුමාරිට යුක්තිය ඉල්ලීම පිණිස ක්‍රියාමාර්ග රැසක් ගැනීමට සූදානම්ව සිටින බව වාර්තා වේ. මේ සඳහා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ නීතිඥ සේනක පෙරේරා, සුදේශ් නන්දිමාල් ඇතුළු පිරිසක් මැදිහත්ව එම ගෘහසේවිකාවට සිදු වූ සිදුවීම පිළිබඳ නීතිමය සහයෝගය සහ අනෙකුත් කටයුතු සිදු කරමින් සිටී.
ඒ අතර ගෘහසේවකයන් වෙනුවෙන් කටයුතු කරන ප්‍රොටෙක්ට් වෘත්තිය සමිතිය මැයි 24 වැනිදා උදෑසන 9.30ට අලුත්කඩේ උසාවිය ඉදිරිපිට නිහඬ විරෝධයක් සංවිධානය කර ඇත. ප්‍රොටෙක්ට් වෘත්තිය සමිතියේ නායක කල්ප මධුරංග මේ වෙද්දී වෘත්තිය සමිති, බහුජන සංවිධාන රැසක් සමග ඒකාබද්ධව කටයුතු කරන නායකයෙකි.
ආර්. රාජ්කුමාරි බදුල්ල දෙමෝදර ප්‍රදේශයේ කඳුකර දෙමළ පවුලකට අයිති කාන්තාවක් වන වේ. සමාජ තත්වය නිසා මෙන්ම, ගෘහ සේවිකාව යන රැකියා තත්වය නිසාත් පොලීසිය ඇතුළු ආයතන රැසකදී ඇය වැනි බොහෝ දෙනෙකුගේ අයිතිවාසිකම් අහිමි වී ඇත. ගෘහ සේවයට කම්කරු වෘත්තියක් ලෙස ලැබිය යුතු අයිතිවාසිකම් රැසක් ලැබී නැත. සමාජ ගෞරවයත් නොලැබෙන තත්වයක, සොරකම් වැනි අවස්ථාවලදී ගෘහ සේවක සේවිකාවන්ව සැක කිරීම සහ පහරදීම පවා සිදුව ඇතැයි අප සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වූ ප්‍රොටෙක්ට් වෘත්තිය සමිතියේ නායක කල්ප මධුරංග ප්‍රකාශ කළේය.
මෙවැනි කාන්තාවන්ගේ මූලික අයිතීන් පවා දීර්ඝ කාලයක් තිස්සේ අහිමි කෙරෙමින් පවතින පසුබිමක, ඇය සහ ඇය වැනි තවත් බොහෝ පිරිසක් වෙනුවෙන් සමාජය පෙනී සිටිය යුතුය.