අන්තරේ ශිෂ්‍ය ව්‍යාපාරය සක්‍රිය විශ්ව විද්‍යාල වල නේවාසිකාගාර අසළ ආරක්ෂාව තර කිරීමට පියවර ගන්නා ලෙස පොලිසිය භාර අමාත්‍ය ටිරාන් අලස් මහතා උපදෙස් දී ඇති බව වාර්තා වේ.
මෙලෙස ආරක්ෂාව තර කරන්න යැයි උපදෙස් ලබා දී ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ කැළණිය විශ්ව විද්‍යාල වලය.
අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ නව කැදවුම්කරුවන් ලෙස පත්වීමට නියමිත බව පවසමින් පසුගිය දිනවලදී සමාජ මාධ්‍ය තුළ පළ වූ , ශෙයා වූ සටහන්වල නම් සදහන් ශිෂ්‍යන්ගේ නිවෙස්වලටද පොලිස් නිලධාරීන් ගොස් ප්‍රශ්න කර ඇති බව අපට දැනගන්නට ලැබුණි.
මැයි 16,17,18 යන දිනවලදී කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ කැළණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරුන් ඇතුලු මහාචාර්යවරුන් පිරිසක් සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර සාකච්ඡා මාලාවක් පවත්වා ඇති අතර එම සාකාච්ඡාවලට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න සහ බස්නාහිර පළාත්භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ඇතුලු ඉහළ නිළධාරීන් ද සහභාගී වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මැයි 16 වන දින කොළඹ විශ්ව විද්‍යාලයේ නිලධාරීන් පිරිසක් කැඳවා තිබුණි. එයට කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වන ජේෂ්ඨ කතිකාචාර්ය එච්.ඩී කරුණාරත්න මහතා සමග තවත් ජේෂ්ඨ මහාචාර්යවරුන් පිරිසක් පැමිණ තිබුණි.
එහිදී ටිරාන් අලස් මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යන්ගේ වර්තමාන ආරක්ෂක තත්වය පිළිබඳව විමසා සිටි අතර උපකුලපතිවරයා පවසා ඇත්තේ විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ සිදුවන සොරකම් වැඩිව ඇති බවත් ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අසල ආරක්ෂාව තවත් තර කරදෙන ලෙස ඉල්ලීමක් කර ඇත.
එහිදි ඇමතිවරයා කොළඹ විශ්වවිද්‍යාලය අසල රාත්‍රි මුර සංචාර වැඩිකිරීමට කටයුතු කරන මෙන් පොලිස්පතිවරයාට නියෝග කර ඇති බවත් වාර්තා වේ.
මැයි 17 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වන කතිකාචාර්ය උපුල් සුභසිංහ මහතා ඇතුලු මහාචාර්ය වරුන් පිරිසක් ටිරාන් අලස් මහතා හමුවී ඇත. මැයි 18 දින කැළණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරිය වන ජේෂ්ඨ කතිකාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය ඇතුලු මහාචාර්යවරුන් පිරිසක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සමග මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී සාකච්ඡාවක් පවත්වා ඇත.
මෙම සාකාච්ඡා අතරතුර අලස් මහතා විශ්ව විද්‍යාල සිසුන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම් සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීම් සිදු කර ඇති අතර උපකුලපතිවරිය එයට පිලිතුරු ලබා දෙමින් සඳහන් කර ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය විශ්වවිද්‍යාලයෙන් තුරන් කිරීමට හැකිව ඇති බවය. විශ්වවිද්‍යාලයේ පරිශ්‍රය තුළ සිදුවන හොරකම් වැඩිවීමක් පෙන්නුම් කරන බවද උපකුලපතිවරිය සඳහන් කර ඇත. එසේම කැළණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාර අසල ආරක්ෂාව තර කරන මෙන් ද ඒ මහත්මිය ඉල්ලා ඇති බවත් සදහන් වේ.
