පොලිස් කැමැත්තෙන් ඇප ලැබූ චන්දික දෙවැනි ගොදුරට ඉව අල්ලයි! කලාකරුවෙකු සොයා එන බවට තර්ජනය කළාලු

ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂලගේ වාහනයක් හරස් කොට පහර දී, ජනතාවට එක්රැස්වෙද්දී බියෙන් පලා ගොස් රෝහලක නතර වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැරයෙකු වන චන්දික අබේරත්න පොලීසියේ කැමැත්ත පිට ඇප ලබා සිටියදී තමන්ට තර්ජනය කළ බව කියමින් කලාකරුවෙකු වන සාරංග කුරේ පොලීසියට පැමිණිලි කර තිබේ.

‘සාරංග කුරේ, මම චන්දික අබේරත්න. ඔයාට ලොකි ප්‍රශ්නයක් වගේ දක්කා. හෙට මම එන්නම්. එතකොට කියන්න මොකක්ද කරන්න ඕනේ කියලා. දවස ඇතුළට මම කොහොම හරි එන්නන්.‘ යනුවෙන් චන්දික අබේරත්න සිය ෆේස්බුක් ගිණුමෙන් වෘත්තිමය චෙලෝ වාදකයෙකු වන සාරංග කුරේට තර්ජනය කර තිබේ.

මේ පිළිබඳ සාරංග කුරේ වැලිකඩ පොලීසියට පැමිණිලි කර ඇත.

සමාජ මාධ්‍යවල පළ කරන ලද පෝස්ටුවක් සම්බන්ධයෙන් පියත් නිකේෂල පිළිබඳ ඔත්තු බලා, ඔහුගේ නිවසට යන පාරේදී වාහනය හරස් කරමින් චන්දික අබේරත්න පහරදීම සිදු කර තිබුණු අතර, එම පහරදීමට පෙර පුද්ගලයන් යොදවා පියත් නිකේෂලට තර්ජනය කර ඇතැයි චෝදනා පවතී.

එවැනි පසුබිමක පොලීසිය විසින් චන්දික අබේරත්නට ඇප ලබා දීමට එකඟ වූ අතර, පහර කෑමට ලක් වූ පියත් නිකේෂලට ඇප ලබා දීමට එකඟ නොවීය.