මෑත කාලයේ සිදුවෙමින් තිබෙන ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාමාර්ගවලදී මහානායක හිමිවරුන් ඇතුළු ආගමික නායකයන් ඉතා දිගු නිහැඬියාවක් පෙන්නුම් කිරීම විමතියට කරුණක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මව්බිම පත්තරයට කියා තිබෙනවා.
රනිල්ගේ ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව මහානායක හිමිවරුන්ගේ අවදි වීම මේ මොහොතේ අවශ්‍ය බවත් ඔහු ප්‍රකාශ කළායැයි මව්බිම වාර්තා කරලා තිබෙනවා.
මහානායක හිමිවරුන් නින්දේ පසුවීම ප්‍රශ්න කරන්නට බොහෝ දේශපාලනඥයන් බියක් දක්වනවා. හැකි සෑම අවස්ථාවකදීම මහානායක හිමිවරුන් හමු වී, වන්දනාමාන කරමින් අනුමැතිය ඉල්ලා සිටීම මිසක්, ශ්‍රී ලංකාවේ සංඝ සභාව නම් ආයතනයේ පසුගාමී හැසිරීමට අභියෝග කරන්නට මැතිවරණ සඳහා ඉදිරිපත් වන දේශපාලන පක්ෂ බියක් දක්වනවා. ඒ, සිංහල-බෞද්ධ ඡන්ද අහිමිවේයැයි තිබෙන බිය.
එවැනි පසුබිමක හිටපු කෝප් සභාවේ සභාපතිවරයා මෙවැනි ප්‍රකාශයක් කිරීම වැදගත් වෙනවා.
ඔහු මෙසේ කියා තිබුණා.
‘ආණ්ඩුවේ අභිලාශය ප්‍රතිත්‍රස්ත පනත ක්‍රියාත්මක කිරීමයි. කල් දාන්න නම් පනතක් ගේන්නේ නැහැනේ. ඒකටත් ගැලපෙන විදියට පාර්ලිමේන්තු සංයුතිය හදාගන්න එක රනිල්ගේ වුවමනාව. ජනතාව විසින් රනිල් ප්‍රතික්ෂේප කරන බව ඔහු දන්නවා. ජාත්‍යන්තර බලවේග හා දේශීය වශයෙන් ඔහුගේ නියෝජනය වන කොල්ලකාරී මේ සමාජ ක්‍රමයේ විනාශකාරී කණ්ඩායම්වල සහයෝගයෙන් බලයේ ඉන්නයි මේ උත්සාහ කරන්නේ.
විශේෂයෙන්ම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අබමල් රේණුවක හරි විශ්වාසයක් ඇතිව කටයුතු කරන ප්‍රගතිශීලී සියලු බලවේග මේ ප්‍රතිත්‍රස්ත පනතට වගේම රනිල්ගේ ත්‍රස්ත ක්‍රියාමාර්ගවලට විරුද්ධව පෙළගැහෙන්න ඕනෑ.
අපේ රටේ ආගමික නායකයන් මේ පිළිබඳව විශාල අවධානයක් යොමු කරන්න ඕනෑ. ආගමික නායකයෝ හැටියට ජාතික කර්තව්‍යවලදී උන්වහන්සේලා මැදිහත් වෙලා තිබෙනවා. කණගාටුවට කරුණ මෑත කාලයෙහි සිදුවෙමින් තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගවලදී මහානායක ස්වාමීන් වහන්සේලා ඇතුළු ආගමික නායකයන් ලෙස ඔවුන්ගේ ඉතා දිගු නිහැඬියාවක් දක්නට තියෙනවා. ඒක විමතියට කාරණාවක්. මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවන්ට එරෙහිව සියල්ල පෙළගැහෙන්න ඕනෑ.‘