ලුම්පන් ධනවාදී කල්ලිවල සහ ප්‍රතිගාමී බලවේගවල එකම අභියෝගය සමගි ජන බලවේගය බව සඳහන් කරමින් ආණ්ඩුවට සජබ එක්වන බවට පළවෙන ප්‍රවෘත්ති ප්‍රතික්ෂේප කරන නිවේදනයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රසිද්ධ කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ පිරිස් මැති ඇමති තනතුරු වරප්‍රසාද මුල් කරගනිමින් ආණ්ඩුවට එකතු වීමට සූදානම් බවට පළවෙන ප්‍රවෘත්තිය හෙළා දකිනවායැයි විපක්ෂ නායකවරයාගේ එම ප්‍රවෘත්තියේ සඳහන්.
සජිත් ප්‍රේමදාස එහිදී සඳහන් කරන්නේ ආණ්ඩුවේ වැඩපිළිවෙල අසාර්ථක බවත්, එහි නිරුවත ළඟදීම රටට හෙළිදරව් වනු ඇති බවත්.
මැතිවරණයකින් මෙපිට මෙම අභාග්‍ය සම්පන්න ඉරණමෙන් රට මුදවාගැනීමට නොහැකි බව සමගි ජන බලවේගය විශ්වාස කරනවායැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
එමෙන්ම මාධ්‍ය ආයතනවලට කුලීකාරයන්යැයි කියමින් චෝදනා කිරීමක්ද එම නිවේදනයේ සඳහන්. තමන්ට ගෙවන මිල වෙනුවෙන් ඕනෑම මිත්‍යාවක් සමාජගත කිරීම වෙනුවට ප්‍රඥාවන්තව සහ ආචාරවිද්‍යාත්මක ලෙස මාධ්‍ය භාවිතයේ යෙදෙන ලෙස මාධ්‍ය වෙත එම නිවේදනයෙන් යෝජනා කර තිබෙනවා.