රාජිතට ඇමතිකම් දෙනවානම් රෝහිතටත් දෙන්න! පොහොට්ටුවෙන් රනිල්ට ලියුමක්ලු

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට ඇමැති තනතුරක් දෙන්නේ නම්, කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනටත් ඇමති තනතුරක් දෙන්න කියා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන ඉල්ලා තිබෙනවා.

මේ බව ලංකාදීප පුවත්පතේ සුජිත් හේවාජුලිගේ වාර්තා කර තිබෙනවා.

‘රෝහිතට නොදී රාජිතට විතරක් ඇමති තනතුරක් දෙන්න එපා.‘ යැයි ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපයට ප්‍රකාශ කර තිබුණා.

රෝහිත අබේගුණවර්ධන මහතා ‘පක්ෂයේ දියුණුව‘ වෙනුවෙන් විශාල කැපකිරීමක් කරපු කෙනෙක් නිසා රාජිතට විතරක් ඇමතිකමක් දුන්නොත් ඒක විශාල අසාධාරණයක්ලු.

මීට කලිනුත් පොදුජන පෙරමුණේ ඇමතිකම් ලබා දෙන්න ඕනෑයැයි කියන ලැයිස්තුවක් ප්‍රසිද්ධ කර තිබුණා. එහි රෝහිත අබේගුණවර්ධනගේ නමත් ඇතුළත් වුණා.