මල් කඩවලින් අල්ලස් ගත් සාජන්ගේ වැඩ තහනම්

කලුතර බෝධි පරිශ්‍රයේ වෛත්‍යට ඇතුළු වන ප්‍රධාන පිවිසුමේ පදික වේදිකාව අවහිර වන සේ මල් අලෙවි කරන වෙළදුන්ගෙන් මුදල් ගෙන එසේ මල් අලෙවි කිරීමට ඉඩ ලබා දුන් පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බව දිනමිණ පුවත්පත වාර්තා කර ඇත.

එම නිලධාරියා කළ මෙම ක්‍රියාව අනාවරණය වී ඇත්තේ බෝධි මුරපොළේ ස්ථානාධිපති ප්‍රධෘන පොලිස් පරීක්ෂකවරයා මල් අලෙවි කරමින් සිටි අයට පදික වේදිකාව අවහිර කරමින් රැදී නොසිටින ලෙස අප්‍රේල් 15 වන දින අවවාද කළ අවස්ථාවේදීය.