රැකියා නැති තරුණයන්ට එළුවන් දෙන කතාව! ගවයන් ජාවාරම වගේ වේවිද?

මෙම වසරේදී එළුවන් 70,000ක් රැකියා නැති තරුණයන්ට නොමිලේ දෙන්නට ආණ්ඩුව තීරණය කර තිබෙනවාලු.

එළු මස්, එළු කිරි විදේශ රටවලින් ආනයනය කරන නිසා මෙම ව්‍යාපෘතිය කෘෂිකර්ම අමාත්‍යාංශය මූලික කරගෙන ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. රුපියල් කෝටි 15ක වියදමකින් යුක්තව මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනවාලු.

මෙම වසරේදී එළුවන් 70,000ක් ලබාදෙන බවත්, ඉදිරි වර්ෂයේදී එම ප්‍රමාණය තවදුරටත් වර්ධනය කරන බවත් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් එළුවන් ජනතාවට බෙදා, එම එළු නිෂ්පාදන මිලට ගැනීම සඳහා පෞද්ගලික අංශයත් සහභාගී කරගැනීමට නියමිතයි.

මෙය පැහැදිලිව මීට පෙර රාජපක්ෂ ආණ්ඩුව සමයේදී සිදු වූ, දැවැන්ත ගවයන් ජාවාරම සිහිපත් කරවන සිදුවීමක්. මීට පෙරට මෙරට ගොවීන්ට බෙදා දීමටයැයි කියමින්, රෝග සහිත ගවයන් ජාවාරම්කාර ලෙස ආනයනය කිරීම ගැන විශේෂ විගණන වාර්තාවකින් හෙළිදරව් කර තිබුණා.