ණය කන්ද නිසා ලෝකයේ දරුණුම අවදානම ලංකාවට! නවතම ගෝලීය වාර්තාවකින් කියයි!

කාමිල් අහමඩ් ගාඩියන්හි පළ කරන ලද වාර්තාවක් ඇසුරෙන් අප ලියූ සටහනකි

ශ්‍රී ලංකාව ඇතුළු අඩු ආදායම්ලාභී රටවල්වලට ණය ගෙවීම සඳහා පොදු සේවාවන් සඳහා වෙන් කරන වියදම්වලින්, මෑත වසර 25ක කාලසීමාව ඇතුළත වැය කරන්නට සිදු වූ වැඩිම ප්‍රතිශතයක් වැය කරන්නට මේ වෙද්දී සිදුව ඇති බව ගාඩියන් සඟරාව වාර්තා කර තිබුණා.

ඒ අනුව ලැයිස්තුවේත් ඉහළින්ම ඉන්නේ ශ්‍රී ලංකාව. එනම්, ලෝකයේ ජනතාව වෙනුවෙන් වෙන් කරන්නට ඇති රාජ්‍ය ආදායමෙන් වැඩිම මුදලක් ණය ගෙවන්නට වැය කරන්නේ ශ්‍රී ලංකාව. රාජ්‍ය ආදායමෙන් සීයට 75ක් ණය ගෙවීම සඳහා ශ්‍රී ලංකාව වෙන් කරනවා. දෙවැනියට ඉන්නේ සීයට 65ක් වෙන්කරන ලාඕසය. ඊට අමතරව ඩොමිනිකා රාජ්‍යයේ සීයට 57.8ක් හා පාකිස්ථානයේ සීයට 46.7ක් වෙන් කර තිබුණා.

සාමාන්‍යයක් විදියට ලෝකයේ රටවල් සිය පොදු සේවාවන්ට ඇති මුදලින් සීයට 16ක් ණය සඳහා වෙන් කරනවා. එය 2011 දී තිබුණු සීයට 6.6ක සාමානය්‍ය වාගේ සීයට 150ක වැඩි වීමක්.

එම වාර්තාව පළ කර තිබුණේ ඩෙට් ජස්ටිස් කණ්ඩායම රටවල් 91ක් පාදක කරගෙන ප්‍රසිද්ධ කරන ලද දත්ත මත පදනම් වෙමින්.

External government debt payments 1998-2024, mean for low income, lower middle income and small islands developing states, % of government revenue

199819992000200120022003200420052006
17.016.015.614.113.314.013.911.210.0
200720082009201020112012201320142015
10.27.37.76.76.66.87.08.08.8
201620172018201920202021202220232024
9.09.29.911.512.913.416.216.316.7
උපුටාගැනීම – https://debtjustice.org.uk/press-release/lower-income-country-debt-payments-set-to-hit-highest-level-in-25-years

ඩෙට් ජස්ටිස් ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා හෙයිඩි චෝව් ප්‍රකාශ කර තිබුණේ ණය සහන ලබාදීම ඉතා හදිසි සහ දැඩි අවශ්‍යතාවක් බව. ‘බොහෝ රටවල ණය ගෙවීමේ නොහැකියාව දැවැන්ත අර්බුද මට්ටම් කරා ළඟා වෙමින් පවතිනවා. රාජ්‍ය සේවා සැපයීමට, දේශගුණික අර්බුදයට එරෙහිව සටන් කිරීමට සහ ආර්ථික අර්බුද සඳහා ප්‍රතිචාර දැක්වීමට රජයන්ට ඇති හැකියාව දුර්වල වී තිබෙනවා‘ යනුවෙන් ඇය ප්‍රකාශ කර තිබෙනවා.

ඩෙඩ් ජස්ටිස් ආයතනය මේ වෙද්දී බටහිර රටවල්වල ලොකු සටනක් රැගෙන යනවා. ඒ අඩු ආදායම්ලාභී රටවල් ණය නිසා පත්ව ඇති තත්වය පිළිබඳව. ඔවුන් මේ ගෝලීය ණය අර්බුදය සඳහා ගෝලීය ආර්ථික ක්‍රියාවලිය බලපා ඇති ආකාරය පෙන්වා දෙමින්, ලෝකයේ බලවත් රටවල් සහ ණය හිමියන් විසින් අඩු ආදායම්ලාභී රටවලට ණය සහන ලබා දිය යුතු බව පෙන්වා දෙනවා. ඔවුන් ‘ක්ලයිමේට් ජස්ටිස්‘ යන සංකල්පය වාගේම ‘ණය පිළිබඳ යුක්තිය‘ සංකල්පය වෙනුවෙන් පෙනී සිටිනවා. ඔවුන් මෙම දත්ත පෙන්වා දෙන්නේ රටවල් වසරින් වසර මේ ණය අර්බුදවල ගිලී ගොස්, ගෝලීය ආර්ථිකය වැටී ඇති අර්බුදයක තර පෙන්වා දෙන්නටයි.

පහත සටහනේ දැක්වෙන්නේ දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ණය ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වී ඇති අන්දමයි. නිල් පැහැයෙන් ලෝකය, කසා පැහැයෙන් දියුණු රටවල් හා රතු පැහැයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල්ද දැක් වේ.

මූලාශ්‍රය – ලෝක බැංකුව – https://blogs.worldbank.org/developmenttalk/5-lessons-past-episodes-debt-relief

අපේම රටේ ජනාධිපතිලා මේ වෙද්දී, බටහිර රටවල මිනිස්සුන්ටත් වඩා, ණය හිමියන් වෙත සල්ලි ගෙවීමේ වුවමනාවක ගිලී සිටිනවා. තමන්ගේ සීයලා ණය ගෙවන්න පුරුදු කළා වගේ විකාර කතා කියන අතරේ, මේ ණය දීලා තියෙන්නේ අහවල් අහවල් අය විසින්යැයි කියා තිබෙනවා.

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව 2022 මැයි මාසයේදී ණය ගෙවීම පැහැරහරිමින් බංකොළොත්භාවය ප්‍රකාශ කළ බව එම වාර්තාවෙන් පෙන්වා තිබෙනවා. එමෙන්ම, ඇමිනෙස්ටි ඉනටර්නැෂනල් ආයතනයේ ගෝලීය පර්යේෂණ හා ප්‍රතිපත්ති උපදේශිකා සංහිතා ඇම්බස්ට් ගාඩියන් වෙත ප්‍රකාශ කර තිබුණේ ණය නිසා ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් වූ ජනතාව වෙත සහන ලබාදීමේ අසීරුවක් ඇතිව තිබෙන බව.

“ආණ්ඩුවක් සමාජ ආරක්ෂණය සහ සෞඛ්‍ය සේවය සඳහා ආයෝජනය කළ යුතු නමුත් ඒ වෙනුවට ඔවුන් පිටින් ගත් ණය ගෙවීම සඳහා අසාමාන්‍ය මුදල් ප්‍රමාණයක් වැය කරයි,” කියා ඇය ප්‍රකාශ කර තිබෙනවා. ‘ඒවා ඇත්තටම පොළී ගෙවීම් පමණයි. අවුරුදු ගාණක් තිස්සේ ඔවුන්ට මේක කරන්න සිදුවෙලා. ඒ නිසා මූලික සේවාවන් පවත්වාගෙන යන්නත්, දේශගුණ හා ආර්ථික අර්බුදයන් සඳහා අනුගත වෙන්නත් මූල්‍ය අවකාශයක් මේ රටට නැහැ.‘ යනුවෙන් ඇය කියා තිබුණා.

ණය සහ සංවර්ධනය පිළිබඳ ආසියානු ජනතා ව්‍යාපාරයේ සම්බන්ධීකාරක Mae Buenaventura මෙසේ කියා තිබුණා. “ණය ගෙවීම ගෝලීය දකුණේ (ලතින් ඇමෙරිකානු, අප්‍රිකානු සහ දකුණු ආසියානු ආදී) රටවලට අවශ්‍ය වන සංවර්ධන මූල්‍ය ප්‍රමාණය දිනෙන් දින නරක අතට හැරෙමින් පවතිනවා. ආර්ථික හා දේශගුණික අර්බුදවලින් තම පුරවැසියන් ආරක්ෂා කිරීමට ඔවුන්ට මුදල් අවශයයි. ණය අවලංගු කිරීමක් නොවුණහොත්, සංවර්ධනය සඳහා තිබෙන මුදල් පිටතට ගලායමින්, ණය අර්බුදය තව තවත් ඉහළ යාවි.‘

ගෝලීය ආයතන විසින් හඳුනාගත් මෙම විශේෂ තත්වය ගැන අපේ රටේ ආණ්ඩුවට වගේ වගක් නැහැ. ගාඩියන් වැනි මාධ්‍ය ආයතන මීට කලිනුත්, ශ්‍රී ලංකාවට ඇති විකල්ප මාර්ගය ලෙස ණය අවලංගු කරවාගැනීමේ මාවත පෙන්වා දී තිබෙනවා.

මෙම ගෝලීය දත්ත ඉදිරිපත් කරමින්, ජාත්‍යන්තර මට්ටමේ මැදිහත්වීමක් අප වැනි රටවල රාජ්‍යයන් විසින් කළ යුතුව තිබෙනවා. මේ තත්වය කිසිදා නොතිබුණු අලුත් තත්වයක්. හරියට මැදිහත් වුණොත්, ගෝලීය ජනමාධ්‍ය ආයතන, ඇමිනෙස්ටි ඇතුළු නොයෙකුත් සිවිල් සංවිධාන මෙන්ම බටහිර රටවල සිටින ප්‍රගතිශීලී ජනතාව පළවැනි අදියරේදීම ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට සූදානම්. ඒ එක්කම ජාත්‍යන්තර ආයතනවල සහයෝගයත් ශ්‍රී ලංකාවට ලබාදිය හැකියි.

එමෙන්ම මෙම වාර්තාවලින් පැහැදිලිව පෙන්වාදෙන ආකාරයට ඉදිරියට එන්නේ රාජ්‍යය වැඩි වැඩියෙන් මහජන සේවාවන් පවත්වාගෙන යා යුතු කාලසීමාවක්. එයට බලපාන ප්‍රධානම හේතු වන්නේ ගෝලීය දේශගුණ අර්බුදය, දැනටමත් හඳුනාගෙන තිබෙන ගෝලීය ආර්ථික අවපාතයන් සහ අප වැනි රටවල් තවදුරටත් වෙළඳපොළකට පවතින්නට බැරි ආකාරයකට ‘වෙළඳපොළ අක්‍රිය වීමක්‘ හෙවත් මාකට් ෆේලියර් එකක් දක්වා ගන් කිරීම. අපි විකුණා දැම්ම පළියට හිත හොඳ ආයෝජන ඇවිත්, අපේ කර්මාන්ත ගොඩගන්නේ නෑ. ආර්ථිකය ලිබරල් වන තරමට මේ කුණුවෙච්ච ආර්ථිකයේ ඉතිරි කුණු ටිකත් විකුණා උපරිම ලාභ සොයන්නයි ව්‍යාපාරිකයන් පෙළඹෙන්නේ.

ඒත්, ලංකාවේ රජය තාමත් හද්දා පරණ ආර්ථික සංකල්ප ටිකක් අනුව ඉතිරි වී තිබෙන සේවාවන් ටික පවා ආත්මාර්ථකාමී, ලාභ පසුපස හඹා යන ධනවත් පිරිස් වෙත කුණුකොල්ලයට විකුණා දමමින් සිටිනවා.

අප මුලින් හැඳින්වූ ඩෙට් ජස්ටිස් ආයතනයේ චෝව් මහත්මිය වැඩිදුරටත් කියා තිබුණේ පුද්ගලික අංශයේ ණය හිමියන් වෙත ණය අවලංගු කරන ලෙස බලපෑම් කිරීම සඳහා ලන්ඩන් සහ නිව්යෝක් කේන්ද්‍ර වූ නීති අවශ්‍ය වන බව. ලෝක බැංකුවට අනුව චීනය අත්හැරියාම ණයවලින් සීයට 46ක් පුද්ගලික ණය දෙන්නන්ට තිබෙන බව ඔවුන් පෙන්වා දෙනවා. සීයට 30ක් පමණ බහුපාර්ශ්වික ආයතනවලට ණය වී තිබෙන බවත්, සීයට 12ක් වෙනත් ණය ලබාදෙන්නන්ට තිබෙන බවත් පෙන්වා දෙනවා. ණය අර්බුදය පිළිබඳ චීනයට චෝදනා එල්ලවුත් චීන රජයට සහ චීනයේ ඇති ආයතනවලට ඇති ණය හිමියන්ට ඇත්තේ සීයට 12ක ණය ප්‍රමාණයක්. ලෝකයේ රාජ්‍යයන් අතර ලොකුම ණය හිමියා චීනය වුණත්, පෞද්ගලික අංශයේ සියල්ලන් එකතු වූ කළ චීනයට වඩා ලොකුයි.

ඒ වගේම ගාඩියන් වෙත අදහස් දැක්වූ ඇම්බස්ට් ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාවේ අත්දැකීම දුලබ එකක් නොවනු ඇතැයි, සංඛ්‍යා දත්ත පෙන්වාදෙන බව. එනම් ලංකාව වැටුණු වළේ තවත් රටවල් වැටී තිබෙන බව. එහෙත් මෙම ප්‍රවණතාව නවත්වන්නට ප්‍රමාණවත් මැදිහත්වීම් නැති බවත් ඔවුන් ප්‍රකාශ කළා. මේ ගැන සැලකිල්ල දක්වා තිබුණත්, ප්‍රමාණවක් ක්‍රියාකාරීත්වයක් නොමැති බව ඔවුන් පෙන්වා තිබෙනවා.

ණය ගෙවීම වෙනුවට අත්‍යවශ්‍ය සේවාවන් සඳහා මුදල් වෙන් කිරීමට හැකි ආකාරයට ශ්‍රී ලංකාව වැනි රටවල රජයන්ට අවස්ථාව ලබාදීම සඳහා ජී20 වැනි බහු-ආණ්ඩු සංවිධානවලින් වැඩි මැදිහත්වීමක් අවශ්‍ය බවත් ඔවුන් පෙන්වා දෙනවා.

දැන් අපේ රටට අවශ්‍ය වන්නේ මෙන්න මේ වගේ කාරණා ගැන පුළුල් ගෝලීය දැක්මක් එක්ක අලුත් ප්‍රවණතා අනුව වැඩකරන ජනතාවාදී පාලකයන්. ණය හිමියන් ධනවත් කරමින්, ඉදිරියේ එන්න නියමිත අසීරු අවපාත කාලවල මිනිස්සු අමාරුවේ දාන, අමාරුවේ වැටුණු ජනතාව නැගී සිටියදී මුළු රටේම ජනතාව ත්‍රස්තවාදීන් බවට පත් කරන හිත්පිත් නැති රනිල් වික්‍රමසිංහ වැනි පාලකයෙකු නෙවෙයි.

රජයේ බාහිර ණය වගකීම්, රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙස 2022-2024

CountryWorld Bank income classification202220232024Average 2022-2024
Sri LankaLower middle81.475.078.678.3
Lao PDRLower middle52.965.653.557.3
DominicaUpper middle / SIDS29.457.876.654.6
PakistanLower middle40.046.742.543.0
ZambiaLow51.127.338.538.9
BhutanLower middle38.931.937.536.1
MongoliaLower middle28.421.351.833.8
AngolaLower middle30.935.733.033.2
DjiboutiLower middle34.132.032.132.7
Congo, RepLower middle37.129.122.229.5
MalawiLow43.224.620.229.3
TunisiaLower middle24.330.132.929.1
GhanaLower middle28.230.526.628.4
MauritaniaLower middle26.129.527.727.8
BeninLower middle23.127.331.127.2
El SalvadorLower middle32.330.917.727.0
Cabo VerdeLower middle / SIDS24.627.325.525.8
EthiopiaLow27.322.527.125.7
JamaicaUpper middle / SIDS25.323.328.125.6
Cote d’IvoireLower middle24.825.925.325.4
MaldivesUpper middle / SIDS36.821.214.024.0
SenegalLower middle25.122.424.023.8
Sierra LeoneLow22.723.924.223.6
GambiaLow23.123.721.722.8
CameroonLower middle24.221.819.721.9
South SudanLow26.817.919.521.4
Guinea-BissauLow / SIDS19.420.923.321.2
MozambiqueLow17.331.014.220.8
KenyaLower middle18.915.922.719.2
EgyptLower middle18.817.920.619.1
BelizeUpper middle / SIDS19.819.017.818.9
GuineaLow13.722.919.518.7
UkraineLower middle16.816.221.718.3
YemenLow20.818.414.317.8
ChadLow18.513.816.016.1
ComorosLower middle / SIDS8.619.119.215.6
IndonesiaLower middle12.813.620.115.5
MoroccoLower middle14.313.518.315.4
Dominican RepublicUpper middle / SIDS14.013.718.015.3
GrenadaUpper middle / SIDS15.514.914.314.9
TogoLow12.415.215.314.3
MadagascarLow9.120.313.414.3
NigerLow11.914.613.813.5
NicaraguaLower middle15.011.813.413.4
St Vincent and the GrenadinesUpper middle / SIDS15.112.412.013.2
SamoaLower middle / SIDS12.213.612.612.8
MyanmarLower middle13.412.412.612.8
TanzaniaLower middle14.111.59.711.7
SomaliaLow9.39.615.011.3
SudanLow15.39.78.611.2
MaliLow11.411.210.511.0
Central African RepublicLow9.010.612.910.8
TajikistanLower middle10.310.811.210.8
HondurasLower middle7.68.315.310.4
UgandaLow9.610.310.410.1
Kygryz RepublicLower middle8.910.610.810.1
BoliviaLower middle11.711.27.210.0
LiberiaLow7.011.810.39.7
CambodiaLower middle9.59.39.69.4
BangladeshLower middle8.39.610.09.3
TongaUpper middle / SIDS9.18.79.49.1
Burkina FasoLow8.39.49.39.0
Papua New GuineaLower middle / SIDS8.08.99.58.8
HaitiLower middle / SIDS9.28.47.88.5
RwandaLow6.69.88.28.2
Congo, DRLow9.78.35.77.9
Marshall IslandsUpper middle / SIDS8.58.26.27.6
UzbekistanLower middle6.58.18.27.6
FijiUpper middle / SIDS7.17.67.27.3
LesothoLower middle6.67.37.97.3
St LuciaUpper middle / SIDS7.67.36.77.2
NigeriaLower middle5.87.57.97.1
VanuatuLower middle / SIDS5.67.37.46.8
EswatiniLower middle4.36.39.56.7
MauritiusUpper middle / SIDS8.16.75.06.6
VietnamLower middle6.66.76.36.5
Sao Tome and PrincipeLower middle / SIDS5.16.37.46.3
BurundiLow4.85.76.35.6
PhilippinesLower middle5.14.55.85.1
MicronesiaLower middle / SIDS5.65.53.95.0
NepalLower middle4.24.34.54.4
GuyanaUpper middle / SIDS4.33.93.64.0
EritreaLow4.03.73.63.8
IndiaLower middle3.23.13.33.2
ZimbabweLower middle3.02.62.52.7
Timor-LesteLower middle / SIDS2.42.82.92.7
Solomon IslandsLower middle / SIDS1.52.33.02.3
AfghanistanLow1.51.61.71.6
TuvaluUpper middle / SIDS0.80.80.30.6
AlgeriaLower middle0.20.20.20.2
IranLower middle0.00.00.00.0
උපුටාගැනීම – https://debtjustice.org.uk/press-release/lower-income-country-debt-payments-set-to-hit-highest-level-in-25-years