වැඩකරන ජනතාවට කොකා පෙන්වන්න, යූඇන්පීයෙන් මැයි දින පැරඩියක්

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය අඩු වියදමකින් සහ ‘කෑකෝ ගැසීම්වලින් තොරව‘ පැවැත්වීමට සැලසුම් කරලා තියෙනවායැයි ලේකම් පාලිත රංගේ බණ්ඩාර මාධ්‍යවලට කියලා.

මේ වෙද්දී වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරන, කම්කරු නීති පවා වෙනස් කරන්නට දඟලන යූඇන්පීය මැයි දිනය සමරද්දී මැයි දිනය හටගැනීමට හේතු වූ කම්කරුවන්ගේ අරගලවලට ඔච්චම් කරන්නට වාගේයි, මේක පවත්වන්නේ.

ඔහු කියන විදියට අනෙක් පක්ෂවලට ‘ආදර්ශයක් දෙන්න‘ලු මේක කරන්නේ. මැයි දිනය කරන හැටි ගැන යූඇන්පීය වැනි වැඩකරන ජනතාවට වින කරන පක්ෂයකින් ආදර්ශ ගන්න පක්ෂවලට උමතුවක් තිබෙනවායැයි පාලිත රංගේ බණ්ඩාර හිතනවා ඇති.

කෙසේ වෙතත් යූඇන්පීය ඇතුළු පක්ෂ රාශියක් මැයි දිනය පාවිච්චි කරන්නේ තමන්ගේ පක්ෂවල බලය පෙන්නීමේ ක්‍රියාකාරකමක් විදියට. බොහෝ දේශපාලන පක්ෂ මැයි දිනයේදී උදේ හවස මහන්සි වෙමින් වැඩකරපු ජනතාවගේ අරමුණු වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ.

යූඇන්පීයට කෙළ වී අවුරුදු 3ක් තිස්සේ මැයි දිනයක් පවත්වාගන්න බැරිව හිටියා. ඒ බැරිකම වහගන්න නොයෙකුත් කතා කීවා. ආණ්ඩු බලය ලැබුණත් මේ අවස්ථාවේ පවා යූඇන්පීයට ලොකු මැයි රැළියක් පවත්වන්නට හැකියාවක් නැහැ. දැන් මැයි දින පැරඩියක් පවත්වන්න ඔවුන් සූදානම් වෙනවා.