ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකය ගොඩ දැමූ බව නොපෙනීමට තමා අන්ධයෙකු නොවන බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කර තිබේ.
පක්ෂය දමා නොයන බව කාගේවත් වුවමනාවට ප්‍රකාශ නිකුත් කරන්න තමන් සූදනම් නැති බවත්, ප්‍රශ්නය වන්නේ පක්ෂයෙන් යනවාද? නැද්ද යන්න නොව රට ගොඩනගනවාද නැද්ද යන්න බවත් රාජිත සේනාරත්න ප්‍රකාශ කරලා තියෙනවා.
‘අනිත් අය කියනවා යන්නෙනෙෑ කියලා. අපිටත් කිව්වා එහෙම කියන්න කියලා. මා ඔය කියන කියන විදියට ප්‍රකාශ නිකුත් කරන්න ලෑස්ති නෑ.‘ යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
මීට අමතරව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි දිවයින පුවත්පතට කියා තිබුණේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල ‘බොහෝ දෙනෙකු‘ අගය කරන බවය.
හොඳ දෙයක් කළාම ඒක අගය කරන්න ඕනෑ බවත්, පසුගිය කාලයේ රනිල් මහත්තයාව ඉවත් කළේ යූඇන්පීයේ අය බවත්, එසේ ඉවත් කළ අයම දැන් ඔහුව පිළිගන්නා බවත් කියා තිබුණි.
(ප්‍රවෘත්තියට සමග පළ කර ඇත්තේ ගොඩගියායැයි කියන ආර්ථිකය තුළ දුප්පත්කමේ පීඩනයෙන් පෙළෙන කෙනෙකුට රාජිත සේනාරත්න නම් දේශපාලනඥයා බඩු බෙදා ෆොටෝ ගසා ෆේස්බුක් එකේ දමා තිබුණු ඡායාරූපයකි.)