මෙරට දේශපාලනයෙන් රාජපක්ෂලා ඉවත් කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවත් රජපක්ෂලාට එරෙහි වන අයට සොබාදහම දඬුවම් කරන බවත් කුරුණෑගල දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පොළොන්නරුවේදී කියා තියෙනවා.
ඔහු වැඩිදුරටත් මෙහෙම කියා තිබුණා.
‘අදටත් පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ මහතා වගේ ජාතික සංවිධායක බැසිල් රජපක්ෂ මහතා බව සියලු දෙනාටම මතක් කර දෙනවා. මේ රටේ විනාශයට ප්‍රභාකරන් වගේම මෛත්‍රීපාල සිරිසේන සහ අනුර කුමාරත් වගකිව යුතුයි. මේ රටට නිදහසින් පසුව වැඩියෙන්ම වැඩ කර තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩු.
යුද්ධයක් කරන ගමන් ගොවි ජනතාව රුපියල් 350ට පොහොර දුන්නා. 2005 දී වී මිල රුපියල් 40 දක්වා වැඩි කර සහතික මිලක් දුන්නා. රාජපක්ෂලා සහ ගොවි ජනතාව එකට බද්ධ වෙලා ඉන්නේ. කුරහන් සාටකය කියන්නේ ගොවි ජනතාව සහ රාජපක්ෂලා බද්ධ වූ ලාංඡනය.
මහින්ද මහත්තයා එපා කියද්දී වියතුන් කියන දේ අහලා ගෝඨාභය රාජක්ෂ මහතා පොහොර වෙනස් කළා. එයින් රාජපක්ෂවරුන් සහ ගොවි ජනතාව අතර තිබුණු සබැඳියාව ඈත් වුණා. ගෝඨාභය රාජපක්ෂ මහතාට අමු ලණු දුන් ඒ වියතුන් ටික දැන් හෙළිකොප්ටරයට නැගලා. දැන් ඒ හෙලිකොප්ටරය ඉවරයි.
රාජපක්ෂළාට එරෙහි වුණාම සොබාදහම පවා දඬුවම් කරනවා.‘