සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කරමින් වගා කරන ලද එළවළු අස්වැන්න විකුණාගැනීමට නොහැකි වූ නිසා, සිංහල අලුත් අවුරුද්ද සැමරීම සිහිනයක් වී ඇතැයි ගොවීන් කියා තිබෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන එළවළු මිලදී ගැනීමට වෙළෙන්දන් නොමැති බවත් ඒ නිසා ගොවීන් අපහසුතාවට පත් වන බවත් දඹුල්ලේ වාර්තාකරුවන් මාධ්‍ය වෙත වාර්තා කර තිබෙනවා.
සාමාන්‍ය පුරුද්ද අනුව අවුරුද්ද වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරමින් වැඩිපුර එළවළු වගා කළ නමුත්, දැන් නිෂ්පාදන මිලදී ගන්නට ප්‍රමාණවත් තරම් වෙළෙන්දන් එන්නේ නැති බව දඹුල්ලට ආ ගොවීන් කියා තියෙනවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරණ භාරයේ කළමණාකරු ක්‍රිස්ටි විජේරත්න වෙළෙන්දන්ගෙන් සහ පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරමින් කියා තිබුණේ අලුත් අවුරුද්ද වෙනුවෙන් වගා කරපු ගොවීන්ගේ මිල පහත වැටී ඇති බවත්, පාරිභෝගිකයන් හා වෙළෙන්දන් වැඩිපුර එළවලු මිලට ගැනීමෙන් ආර්ථික ක්‍රමවේදයට ඉක්මනින් එකතු වෙන ලෙසත්.
එහෙත් මේ වන විට සමීක්ෂණ වාර්තාවලින් පවා පෙන්වා දෙන්නේ එළවළු වර්ග පවා ආහාරයට ගැනීමට ජනතාව අසමත් වී ඇති බවත්, ආහාර පරිභෝජනය කරන වේල් ගණන පවා සැලකිය යුතු තරම් අඩු කර තිබෙන බවත්. රනිල් ගොඩගත්තායැයි කියන ආර්ථිකය තුළ, ජනතාව නිරාහාර හාමත් තැනකට වැටී තිබියදී, එළවළු පරිභෝජනය වැඩි වනු ඇතැයි අනුමාන කිරීම සිහිනයක් වනු ඇති.