අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06ක් සන්තකයේ තබා සිටි යුද හමුදා සෙබළෙකු ත්‍රිකුණාමල දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් අප්‍රේල් 05 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ සුරංගල් යුද හමුදා කඳවුරේ සේවයේ නිරතව සිටින සෙබළෙක් බව පොලීසිය කියනවා.
වයස අවුරුදු 30ක පමණ වන මෙම සෙබළා කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව කියනවා.
මෙම පුවත දිනමිණ පුවත්පත වාර්තා කරලා තිබුණා.
මේ ප්‍රවෘත්තියෙන් කියැවෙන්නේ නැහැ, හමුදා සෙබළු ළඟ පොදුවේ අයිස් තිබුණු විත්තියක්. මේ තනි සිදුවීමක්. එහෙත්, මෙවැනි තනි හුදකලා සිදුවීමක් ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට අදාලව සිදු වුණොත් මේක රාත්‍රී ප්‍රවෘත්ති විකාශයට එකතු වේවි. නැති නම් විරෝධතා ව්‍යාපාරයකට ගිය තනි පුද්ගලයෙකු ළඟ මෙවැනි දෙයක් තිබී හසු වුණොත් ඒක සමස්ත විරෝධතාකරුවන්ව ලේබල් කරන්නට පාවිච්චි කරනු ඇති.
හුදෙකලා සිදුවීම් පොදු දේවල් බවට පත් කරනු ඇති.