ඉදිරිය මීට වඩා අමාරුයි: ස්ථාවර ගමනකට අවතීර්ණ විය යුතුයි! මහ බැංකු අධිපති

ඉදිරියට තිබෙන්නේ මීට වඩා අමාරු ගමනක් බවත් ඒ නිසා ඉදිරි වසර හතර තුළ ස්ථාවරව දිරියට යන ගමනකට අවතීර්ණ විය යුතු බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසා ඇති බව දිවයින පුවත්පත පවසා ඇත.

ආර්ථිකයේ ඉදිරි ගමන ගැන මාධ්‍යයට අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා මෙසේ පවසා ඇති බව පුවත වාර්තා කර ඇත.

‘අපට ණය ප්‍රතිව්‍යුහගතකරණ අභියෝගය තියෙනවා. මීළඟට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප එකඟ වූ ගිවිසුමේ විශාල ප්‍රතිසංස්කරණ රාශියක් තියෙනවා. ඒ වගේ බොහෝ දේවල් දැන් තමයි පටන් ගන්නේ. ඒ ගමන ඊළඟ වසර හතර තුළ එක දිගට ගියේ නැත්නම් අඩි දෙකක් ගිහින් අඩියක් පස්සට ආවොත් අපට කවදාවත් කන්දෙන් උඩට නැගලා ස්ථාවර තැනකට යන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඉදිරි වසර හතර තුළ ස්ථාවරව ඉදිරියට යන ගමනකට යන්න ඕනෑ.’