නුදුරු දිනයක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත ප්‍රතිත්‍රස්ත පනත ජනපීඩක වහල් බව සහ ඒකාධිපති වියරුව රට තුළ ප්‍රචලිත කරන පනතක් බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමි 04 වැනිදා පැවති මාධ්‍ය හමුවකදී කියා තිබුණා.
රට ගොඩගැනීමේ උත්සාහයක සිටින පසුබිමක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළ යුතු බවත්, මෙවැනි දරදඬු නීති අනුමත කළ නොහැකි බවත් කාදිනල් හිමි කියා තිබෙනවා.
දැනට පවතින 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතට වඩා අලුත් පනත භයානක බවද කාදිනල් හිමි පෙන්වා දී තිබෙනවා. එම නිසා මෙම පනතට ඡන්දය දෙන අයෙකු සිටී නම් ඒ කෙනා මේ රටේ ජනතාවට ආදරය නොකරන බව කාදිනල් හිමි කියා තිබෙනවා.