කහ උණ සහ ඒඩ්ස් වැනි වෛරස ආසාදිත රෝගීන් සඳහා භාවිත කරන අත්‍යවශ්‍ය ඖෂධ තුනක් මිලදී ගැනීමට පවතින මිලට වඩා දස ගුණයක ලංසු තබා ඉදිරිපත්ව ඇති සමාගමක්, ඒ හරහා වැඩිපුර රුපියල් ලක්‍ෂ 680 ක් ලබාගැනීමට ක්‍රියාකරන බව, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති, රවි කුමුදේශ් මහතා පවසයි.
ආසියානු සංවර්ධන අරමුදලින් මිලදී ගැනීමට ඉල්ලීම් කර ඇති මෙම ඖෂධ සඳහා ඉදිරිපත්ව සිටින මෙම සමාගම, ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වී නොමැති වුවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් එම සමාගමට අනුමැතිය දීමට උත්සාහ කරන බව ද හෙතෙම කියා සිටී.
කහ උණ, ඒඩ්ස් වැනි වෛරස ආසාදිතයන් වෙනුවෙන් ලබාදෙන ලිනසොලිඩ් එන්නත දැනට සපයන්නේ රුපියල් 200 කට වුවත් එම ඖෂධය රුපියල් 22000 කට මිලදී ගැනීමට සමාගම කටයුතු කරන අතර කොලිස්ටිමෙනේට් ප්‍රතිජීවක ඖෂධය ද මිලදී ගැනීමේ අඩුම ලංසුව ලෙස තබා ඇති රුපියල් 1200 ක මුදල පසෙකට දමා 2200 ක වැඩිම ලංසුවට ලබාදීමට පියවර ගෙන ඇති බවට ද හෙතෙම චෝදනා කරයි.
(දිවයින පුවත්පතට සුජීව සත්සර ලියූ වාර්තාවකි)