පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අන්තර්ජාලය (සූම් සංවාදයක්) ඔස්සේ ප්‍රකාශයක් කරමින් සිය කීර්ති නාමයට හානි කළේ යැයි පවසමින්, එමඟින් වූ කීර්ති හානියට රුපියල් මිලියන 50ක වන්දියක් මීගමුව සාන්ත අන්තෝනි දේවස්ථානයේ සිරිල් ගාමිණි පියනමගෙන් අය කර දෙන්නැයි ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි තුවාන් සුරේෂ් සලේ මහතා පැවරූ නඩුව සැප්තැම්බර් 4 දින සිට විභාග කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය මාර්තු 31 දින දින නියම කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.
පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ පහන් වීරසිංහ සහ විත්තිකාර පියතුමා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා සමඟ නීතිඥ විමල් රත්වත්ත මහත්වරුන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
2021 ඔක්තෝබර් 23 දින සූම් තාක්ෂණය ඔස්සේ පාස්කු දින ප්‍රහරයේ වින්දිතයන් වෙනුවෙන් අන්තර්ජාතික යුක්ති සංසදය කළ සාකච්ජාවකදී සිරිල් ගාමිණී පියනම කළ ප්‍රකාශයකින් තමන්ගේ කීර්ති නාමයට හානියක් වූවා යැයි පවසමින් බුද්ධි ප්‍රධානී සුරේශ් සලේ මෙම නඩුව පවරා ඇත.