ඇමතිකම් නැති නිසා, පොහොට්ටුවේ සමහරු රැස්වීම්වලට එන්නෑලු

තමන්ට ඇමතිකම් නොලැබීම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කිහිපදෙනෙකු පක්ෂ රැස්වීම්වලට පවා සහභාගී නොවන බව ඉරිදා ලංකාදීපය වාර්තා කරලා තියෙනවා.

එම වාර්තාවේ මෙහෙම සඳහන්.

‘ඇමතිකම් අපේක්ෂාවෙන් බොහෝ කාලයක් බලා සිටි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් හත් අට දෙනෙකු සිටින්නේ දැඩි කලකිරීමකින් බව දැනගන්නට ඇත. ඔවුන්ගේ නම් පසුගිය කාලයේ ජනාධිපතිවරයා වෙත පොහොට්ටුවේ ප්‍රබලයන් විසින් යවනු ලැබ තිබුණි. ඔවුන් දිගින් දිගටම බලා සිටියේ තමන්ට අද හෙටම ඇමතිකමක් ලැබෙනු ඇතැයි කියාය.

එවැන්නක් සිදු වන බවක් තවමත් පෙනෙන්නට නැති බැවින්, මේ පිරිස දැඩි කළකිරීමට පත්ව සිටිති. සමහරු ආණ්ඩු පක්ෂ රැස්වීම්වලට මෙන්ම පොහොට්ටුවේ රැස්වීම්වලටද සහභාගී නොවී සිටීමට තීරණය කර ඇතැයි දැනගන්නට තිබේ.‘