රනිල් කැම්පේන් එක පටන්ගත්තා- ඉරිදා ලංකාදීපයත් වාර්තා කරයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරිමට පොහොට්ටුවේ ප්‍රබලයන් පිරිසක් දැනටමත් සැලසුම් සකස් කරමින් සිටින බව ඉරිදා ලංකාදීපය වාර්තා කරලා තියෙනවා.

ආණ්ඩුවේ ප්‍රධාන තනතුරක් දරන ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු ඇතුළු පොහොට්ටුවේ මැති ඇමතිවරුන් රැසක් මේ සඳහා මුල් වී සිටින බව ද දේශපාලන ආරංචිමාර්ග ඇසුරෙන් ඉරිදා ලංකාදීපයේ මාධ්‍ය වේදී අජන්ත කුමාර අගලකඩ වාර්තා කරලා තියෙනවා.

එම ප්‍රවෘත්තියට අනුව ආණ්ඩුවේ ප්‍රබල තනතුරක් දරන ‍ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රචාරක ව්‍යාපාරය භාරගෙන තිබෙනවා. මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩලයේ සිටි ප්‍රබලයන් කිහිපදෙනෙකු එම ප්‍රචාරක ව්‍යාපාරයට සම්බන්ධ වී සිටින බවත් ආරංචිමාර්ගවලින් පැවසෙනවා.

ආණ්ඩුවේ තනතුරු දරණ පොහොට්ටුවේ මෙන්ම අනෙකුත් පක්ෂ නියෝජනය කරන කැබිනට් ඇමතිවරුන් ගණනාවක් මේ වෙනකොට ජනාධිපතිවරයා සමග සිටින බවත් නම සඳහන් නොකළ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් කියා තිබුණා.