වවුනියාවේ වෙඩුක්කුනාරි පර්වතයේ තිබෙන ආදිසිවන් කෝවිල කඩා බිඳ දමා ඇති බවත්, මෙය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ නිර්ලජ්ජිත ක්‍රියාවක් බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් යාපනයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කර තිබෙනවා.
‘වවුනියාව වෙඩුක්කුනාරි ආදිසිවන් කෝවිල කියන්නේ එම ප්‍රදේශයේ තිබෙන ඓතිහාසික හින්දු පුදබිමක්. එම පුදබිමේ තිබුණු සිවලිංගය, අම්මන්, බහිරව පිළිම කඩා බිඳ දමා විනාශ කර තිබෙනවා. විශේෂයෙන් එම භූමිය පුරාවිද්‍යා ස්ථායක් බවත් එම ස්ථානයට කිසි කෙනෙකු ඇතුළු නොවිය යුතු බවත් අධිකරණ නියෝගයක් තිබුණා. එම නිසා එම ස්ථානයට පිවිසීමට පුද පූජා පැවැත්වූ කුරුක්කල්වරයාට නොහැකි වුණා.
එම කාලසීමාවේ ස්ථානයට ඇතුළුවීමේ හැකියාව තිබුණ් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සහ ආරක්ෂක අංශවලට. දැන් එම ස්ථානවල තිබුණු සිවලිංගය, අම්මන්, මුරුගන් හා බහිරව පිළිම කඩා බිඳ දමා තිබෙනවා. මෙය ඉතා නිර්ලජ්ජිත ක්‍රියාවක්.‘ යනුවෙන් මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
මෙම සිදුවීම ටැමිල් ගාඩියන් ඇතුළු මාධ්‍ය ආයතන පවා වාර්තා කර තිබුණේ ඡායාරූප සහිතව. ඕලුමඩු ප්‍රදේශයේ පර්වතයක පිහිටි මෙම පුදබිමට පිවිසීමට හමුදාවත්, පොලීසියත් යොදා ජනතාවට ඉඩ නොදී වැළැක්වීම පසුගිය වසර කිහිපය තුළ සිදු වුණා. එයට දෙමළ ජනතාවගේ විරෝධතා පවා මතු වුණා.

‘අපේ ඉඩම්! අපේ කන්ද!‘
‘හින්දූන්ට අපහාස නොකරනු!‘
‘වන්දනාවට ඇති අයිතිය සීමා නොකරනු!‘ වැනි සටන්පාඨ විරෝධතාවලදී මතු වුණා.
ඊට අමතරව ශ්‍රීදරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙහෙම කියා තිබුණා. ‘කුරුන්දුර් පර්වතයේ චෙත්‍යයක් ඉදි නොකළ යුතු බව මුලතිව් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණා. නමුත් මෙම නියෝගයට ගරු කළේ නෑ. නියෝගයට පටහැණිව එම ස්ථානයේ චෛත්‍යයක් ඉදි කර අවසන්. එම චෛත්‍යය සාදා ඇත්තේ සිවලිංගය තැන්පත් කරලා.‘
මෙහිදී ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ඉස්මතු කර තිබුණේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ රජය නියෝජනය කරමින් දිගින් දිගටම උතුරේ පුරාවස්තූන් විකෘති කිරීම සහ විනාශ කිරීම සිදුකෙරෙන බව. අප අපේ දෑස්වලින් දැක තිබෙනවා උතුරේ පාරම්පරික කෝවිල් ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සැලකිල්ල. සංකිල රජුගේ මාළිගය අත්හැර දමා තිබුණු අන්දම.
ඒ අතරේ හින්දු බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වෙන පුදබිම්වල බෞද්ධ පන්සල් ඉදි කිරීමේ උත්සාහයන්. විශේෂයෙන් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානවල බලය ඩැහැගැනීමට පුරාවිද්‍යා නීතිරීති පාවිච්චි කිරීමත්, ඉන්පසු ඒවායේ ඉදිකිරීම් කරමින් ‘පන්සල් හැදීමට‘ පට් ගැනීමත් ප්‍රවණතාවක්.
විශේෂයෙන් පුරාවිද්‍යාව හා ඉතිහාසය වැනි විෂයන් ඉතා සංකීර්ණයි. පැරණි පුදබිම්වල ඇති සංකේත. රූප, පිළිම ආදිය අනුව ඒ පුදබිම්වල ඉතිහාසය පරීක්ෂා කිරීම කියන්නේ තමන්ගේ ආගමික ආසාවන් පසෙක තබා විද්‍යාත්මකව කරන්න ඕනෑ දෙයක්. ඒත්, මේ විෂය දැන් සම්පූර්ණයෙන් දේශපාලනීකරණය වූ එකක්.
මෙවැනි පුරාවිද්‍යා ස්ථානවල කැණීම් සිද්ධවෙන්නේ ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන්, මාධ්‍යවේදීන්ට හෝ බාහිර පාර්ශ්වවලට පිවිසෙන්නට ඉඩකඩ නොදී, විනිවිදභාවයකින් තොරව. අප වැනි අය මේ ගැන විමසන්නට ගියොත් එය ‘ආරක්ෂක කාරණයක්‘ ලෙස බුද්ධි අංශ නිරීක්ෂණයට ලක් වෙනවා. එමෙන්ම මෙවැනි කැණීම් බෞද්ධ හිමිවරුන්ගේ නිරීක්ෂණයටත් ලක් වෙනවා. බෞද්ධ ආයතන පද්ධතියට ඕනෑ මේ ස්ථානවල දැවැන්ත පන්සල් සහ ඒ අවට ජනපද ඇති කරන්නට.
මීට පෙර වවුනියාවේ දැවැන්ත වනාන්තරයක් කපා, වනය මැද ‘නාමල්ගම‘ ඇතුළු ගම්මාන කිහිපයක් හමුදාවේ මැදිහත්වීමෙන් නිර්මාණය කළා. ඒ ගම්මනාවලට රටේ විවිධ ප්‍රදේශවලින් සිංහල ජනතාව ගෙනැවිත් පදිංචි කළා. ඇත්තටම පදිංචියට ගිය මිනිසුන්ට පවා පීඩාවට ලක් වෙන්නට සිද්ධ වුණා. බෝගස්වැව ව්‍යාපෘතිය ලෙස හඳුන්වන්නේ එය. විල්පත්තුවල වුණා වාගේ, ඒ වන විනාශයට සිංහල ජනතාව අතරින් විරෝධයක් මතු වුණේ නෑ. පරිසර ප්‍රේමයත් දේශපාලන වුවමනා මත ජාතිවාදීවයි නිර්මාණය කළේ.
අපි හැමෝම ආසයි! අප විශ්වාස කරන ආගමට අයිති පුදබිම් වැඩි වෙන තරමට. ඒක සංස්කෘතිකව අපට උරුම වූ දෙයක්. ඒ වගේම අපි හැමෝම බියයි, අප ජීවත්වෙන ප්‍රදේශයක බාහිර සංස්කෘතියකට ඇති ආගමික සංකේත, රූප, පුදබිම් සහ ඉදිකිරීම් වැඩි වැඩියෙන් දකින්න සිද්ධවෙන තරමට. විශේෂයෙන් යම් තැනක ඈත අතීතයේ තමන්ගේ ආගමට අයිති පුදබිමක් තිබුණායැයි සුළු හෝ මතයක් තිබුණොත්, ඒ මතය ‘සත්‍ය කරුණක්‘ ලෙස ගෙන එතැන යළිත් පුදබිමක් හැදෙනවා දකින්නට ආසාවක් ඇති වෙනවා.
ඕනෑ ආගමක කෙනෙකු කැමතියි තමන්ගේ ආගම වැජබෙනවා දකින්නට. හැබැයි ඒ ආසාව හොඳටම දන්න නිසා, අනෙක් ආගමක ක්‍රියාකාරකම් මිලිටරිය, තුවක්කුව, රාජ්‍ය බලය හා මර්දනය එක්ක මිශ්‍ර වෙලා එනකොට ඕනෑ සුළුතර ජාතියක් බයට පත් වෙනවා. මොකද, ඒ ජාතියත් කැමතියි තමන්ට තියෙන විශ්වාසයන් එක්ක තමන්ගෙ කියලා තැනක තමන්ගෙ ජීවිතයක් ගත කරන්න.
වඩාත් වැදගත් වන්නේ සැක-බිය නැතිව ආත්ම ගෞරවයක් එක්ක ජීවත්වෙන එක. ඒත්, හරි නම් ලෝකයට අත්හැරීම උගන්වන්න ඕනෑ බෞද්ධ ආගමේ නායකයන් පුරාවිද්‍යාවත්, හමුදාවත්, රාජ්‍ය බලයත් පාවිච්චි කරමින් හතර අතේ ඉදිකිරීම් කිරීමේ උමතුවක ගිලී පවතිනවා. සහෝදර ජාතියකට ඒ උමතුව කෙලෙස දැනෙනවායැයි මොහොතකට කල්පනා කරන්නේත් නෑ.
එක් ජාතියක ආසාව සහ තවත් ජාතියක බිය බෙදා වෙන් කිරීමට ආණ්ඩුවේ අය පාවිච්චි කරනවා. මෙලෙස උතුරේ කෙරෙන ආගමික ඉදිකිරීම් ගැන ඔවුන්ට ඇති වන හැඟීම සිංහලයෙක් ලෙස ‘පන්සලක් හැදුවම මොකද වෙන්නේ? ඒක ඉවසන්න බැරි නම් ඒ ජාතිවාදය තමයි.‘ කියලා සිම්පල් ප්‍රශ්නයක් අහනවාට වඩා සංකීර්ණයි.
පන්සලක් හදනවාට වඩා, පුරාවිද්‍යාව හොයනවාට වඩා හමුදාව එක්ක මේවා කරන විදිය නිසායි ඒ මිනිසුන්ගේ බිය වැඩි වෙන්නේ.

එලෙස ඉදි කර හාමුදුරුවරුන් පදිංචි කරවා ඒවා බෞද්ධ සිද්ධස්ථාන ලෙස, දකුණේ බෞද්ධයන්ගේ වන්දනා චාරිකාවල ගමනාන්ත බවට පත් කිරීමත් සිදු වෙනවා. කුරුඳුමලේ එවැනි ස්ථානයක්. එය දීර්ඝකාලීනව ජනපදකරණයකටත් හේතු වෙනවා.
මෙය බැලූ බැල්මට දකුණේ විරෝධය එල්ල නොවෙන නමුත්, උතුරේ ජනතාව අතර අනිසි බියක් ඇති කරන ක්‍රියාවලියක්.
ඇත්තටම සැබෑ බෞද්ධයන්, බුද්ධ ප්‍රතිමා මෙන්ම බෞද්ධකම පවා මෙවැනි ආක්‍රමණශීලී ක්‍රියාවන්ට යොදාගැනීමට එරෙහි විය යුතුයි. ලංකාවේ බෞද්ධයන් කරදර විය යුතු කාරණාව වන්දනා සංචාරවලට යන්නට ඇති ‘බෞද්ධ සිද්ධස්ථාන‘ සංඛ්‍යාව වැඩි කරගැනීම නෙවෙයි.

අපි හිතන්නේ තැඹිලි පාට නිල ඇඳුම ඇඳපු අයත්, ගොම පාඩ නිල ඇඳුම ඇඳපු අයත්, සුදුපාට කපටි සූට් නිල ඇඳුම හෝ කෝට් බෑය ඇඳපු අයත් මීට වඩා මහජනතාවට සංවේදී විය යුතුයි. ඒත් සැබෑව තමයි ඔවුන් මහජනතාවට සංවේදී වෙන්නේ නැැ.
ඉතින්! මහජනතාව, ජාතිභේදවලට ඉඩ නොතබා එකිනෙකාව අවබෝධ කරගන්න ඕනෑ.