ඉන්දියාව ත්‍රිකුණාමලයේ තෙල් පිරිපහදුවක් සකස් කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ඉරිදා ලංකාදීපය වාර්තා කරලා තියෙනවා.
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයත් ඉන්දියාවට ලබා දීමට නියමිතයි. ඒ අනුව ත්‍රිකුණාමලයේ සිට මාර්ග, දුම්රිය මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සහ ඒ ඇසුරෙන් ඉන්දියාවට විශාල ආර්ථිකමය සහ භූ දේශපාලනමය වාසියක් ලබා ගැනීමට හැකි වේවි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසු ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බවත්, එම සංචාරයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙනවා.