දේශීය ණය ප්‍රතිව්‍යුහගතරණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති නිසා, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට දායක මුදල් ලබාගැනීම ප්‍රමාද වනු ඇතැයි ඉරිදා ලංකාදීපය වාර්තා කර තිබෙනවා.
මෙයට හේතුව වන්නේ රජය දේශීය වශයෙන් ලබාගෙන ඇති ණ්‍ය මුදල්වලින් වැඩිම ප්‍රමාණය වූ සීයට 42.7ක ප්‍රමාණයක් සේවක අර්ථසාධක අරමුදලෙන් ලබාගෙන තිබීම.
ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ තැන්පතුවලින් වැඩි ප්‍රමාණයක් රජයට ණය විදියට දීලා තියෙනවා. ඒ ණය ආපහු ගෙවන්නේ නැති නම්, සේවක අර්ථසාධක අරමුදල සතුව සේවකයන්ට මුදල් ගෙවීම් කරන්නට තවදුරටත් සල්ලි ඉතිරි වන්නේ නෑ.
ඒ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ඍජුවම සේවක අර්ථසාධක අරමුදලටත්, ඉදිරියේදී ඊපීඑෆ් සල්ලි අරගෙන යමක් කරගන්න හිතන ඕනෑම දුප්පත් මනුස්සයෙක්ටත් බලපානවා.
දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 1085ක් බව මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය කළමණාකරණ වාර්තාවේ සඳහන් වෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ණය ගෙවීම් කල් දමනවාට අමතරව ණය සඳහා ගෙවන්න නියමිත පොලිය අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනතාවට ගෙවන පොළියත් අඩු වෙන්න නියමිත බව වාර්තා වෙනවා.