චම්පිකගෙන් අලුත් පක්ෂයක්!

එක්සත් ජනරජ පෙරමුණ නමින් නව පක්ෂයක් මැයි මාසයේදී පිහිටුවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක ඇතුළු පිරිසක් සැලසුම් කරමින් සිටී.

‘ලබන මැයි මාසයේ රටේ නව දේශපාලන පක්ෂයක් පිහිටුවනවා. මොකද මේ රටේ මේ බංකොළොත්භාවයෙන් මුදාගන්න, කුසලතාව මත පදනම් වුණ දේශපාලන ව්‍යාපාරයක් අවශයයි. පවුල් උරුමයෙන් කරන දේශපාලනයට තිත තියන්න ඕනේ. ඒ වගේම පාදඩ කල්ලිවලින් ලංකාවේ මනාප දිනාගන්න දේශපාලනයත් වෙනස් කරන්න ඕනේ. ඒ වගේම යල් පැනගිය සමාජවාදී, ධනවාදය වෙනුවට නව ප්‍රායෝගිකවාදයක් මත රට ඉදිරියට ගෙනියන්න දේශපාලන මතවාදයක් ඕනේ. ඒක අපි මැයි මාසයේදී එළිදක්වනවා. ඒකේ නම එක්සත් ජනරජ පෙරමුණ.‘