මඩකලපුව කරදියනාරු මාවඩ්ඔඩෙයි ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක නිධන් සෙවීමේ නිරතව සිටියදී අත්අඩංගුවට ගත් බෞද්ධ හිමිනම, හමුදා සෙබළුන් ඇතුළු පිරිස අප්‍රේල් 10 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස එරාවුර් මහේස්ත්‍රාත් අන්වර් සදාස් නියම කර තිබේ.
රිමාන්ඩ් භාරයට ගෙන තිබුණේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අයත් වැලිකන්ද අසේලපුර යුද හමුදා කඳවුරේ අණ දෙන නිලධාරියා වශයෙන් කටයුතු කළ ලුතිනන් කර්නල්වරයෙකු, ඔහුගේ රියදුරු, ලුතිනන් කර්නල්වරයාගේ සහායක සහ රත්නපුර ලෙල්ලොපිටිය ප්‍රදේශයේ වාසය කළ හිමිනමක යන සිව් දෙනාය.
මාර්තු 31 වැනිදා උදෑසන 10ට පමණ පුරාවිද්‍යා භූමියක නිධන් සොයන අතරතුර විශේෂ කාර්ය බලකායේ වව්නතිව් කඳවුරට ලැබුණු තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි. නිසි අවසරයකින් තොරව ස්ථානයට ඇතුළු වී, එම ස්ථානය ස්කෑනර් යන්ත්‍රයකින් පරීක්ෂා කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.
චීවරධාරීන් සහ හමුදා නිලධාරීන් පසුගිය කාලයක් තිස්සේ උතුරු-නැගෙනහිර පුරාවිද්‍යා ස්ථානවල කටයුතු කර ඇති ආකාරය පිළිබඳ දෙමළ ජනතාව අතර විශාල විරෝධයක් පවතී.