අන්තර්ජාතික මූල්‍ය අරමුදල මෙවර ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කළ කොන්දේසි සැබෑ කරගත නොහැකි සිහිනයක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාත දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ ප්‍රකාශ කළ බව දිවයින පුවත්පත වාර්තා කර ඇත.
කොන්දේසිවලින් බොමෙයක් එකිනෙක පරස්පර බැවින් ඉටු කරගැනීම අතිශය දුෂ්කර බව ගැඹුරු ආර්ථික විශ්ලේණ තුළින් පෙනී යන බව ඔහු කියා ඇත.
අයිඑම්එෆ් ප්‍රකාශ කර ඇති අන්දමට ශ්‍රී ලංකා මහ බැංකුව 2026 වන විට සංචිත ඩොලර් බිලියන 10.9 තෙක් වැඩි කර ගත යුතු බවත්, 2022 වන විට පැවති සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.9ක් බවත් ඔහු පෙන්වා දෙයි. වසර තුනක් තුළ ඉලක්කය දක්වා (දස ගුණයකින්) සංචිත ප්‍රමාණය වැඩි කර ගැනීමට තරම් ආර්ථික ශක්තියක් නැත්තේ දුර්වල සංකෝචිත ආර්ථිකයක් ශ්‍රී ලංකාව තුළ පවතින හෙයින් බවත් මහාචාර්යවරයා කියා ඇත.
ණය ගෙවීම් 2026 වන විට සීයට 15.9 තෙක් අඩු කරගත යුතුයැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර ඇති බවත්, 2022 වන විට සීයට 34.5ක දළ මූල්‍යයනයක පවතින ශ්‍රී ලංකාවට 2026 වන විට එය සීයට 117කින් අඩු කරගැනීමට කොන්දේසි පැනවීම ප්‍රායෝගික නැති බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි.
මූල්‍ය අරමුදලේ කොන්දේසි යම් තාක් දුරකට හෝ ඉටු කරන්නට නම් රජය වහාම අල්ල, දූෂණය සහ විචාව නැත් කිරීම, ආයතන කාර්යක්ෂමතාව වැඩි කරගැනීම ආයතනයන්හි ඵලදායීතාව වැඩි කරගැනීම සඳහා පියවර ගත යුතුයැයි ඔහු කියා තිබේ.