‘දැන් හරක් කටාගේ නීතිඥයා සාලිය පීරිස්‘ චමුදිත වාචාල කටෙන් අහනවා.
සාලිය පීරිස් හරක් කටාගේ නීතිඥයා බව හඳුන්වමින් හිරු, දෙරණ, මව්බිම ඇතුළු මාධ්‍ය ආයතන ගණනාවක් වාර්තා කරනවා.
ඉන්දික අනුරුද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියනවා හරක් කටාගේ නඩුව සාලිය පීරිස් කතා කරනවා කියලා.
සාලිය පීරිස් ජනාධිපති නීතිඥවරයා රටටම ආදර්ශයක් වන මහත්මයෙක් විදියට ධුරයෙන් නික්ම යනවා. බුද්ධියක් තියෙන හැමෝම ඔහුට ස්තූති කරනවා, වෘත්තියවේදියෙක් ලෙසත් වෘත්තිය සංගමයක නායකයෙකු ලෙසත් රටටම ආදර්ශයක් වෙච්ච ඔහුගේ ක්‍රියාකලාපය ගැන.
ඒත් ඒ ඔක්කොම පට්ටපල් බොරු. හරක් කටාට මේ වෙද්දී මාතර මහේස්ත්‍රාත් අධිකරණය, මාතර මහාධිකරණය, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඇතුළු අධිකරණ කිහිපයක නඩු ගණනාවක් විභාග වෙනවා. ඒ නඩුවල හරක් කටා වෙනුවෙන් සාලිය පීරිස් පෙනී ඉන්නේ නැහැ. කවුරුහරි නීතිඥවරුන් ඒ අය වෙනුවෙන් පෙනී ඉන්නවා ඇති. ඒත් ඒ සාලිය පීරිස් නෙවෙයි.
සාලිය පීරිස් පෙනී සිටියේ නදුන් චිත්නතගේ තාත්තා වෙනුවෙන්. හැබැයි, එහිදී පෙනී ඉඳලා, එයා කිසිම අපරාධයක් කළේ නෑ, නිර්දෝෂියි කියලා කීවේ නෑ. කිව්වේ මේ යකා ඇතුළේ තියාගෙන ඉද්දී වෙඩි තියන්න එපා කියලා. මේ යකාට නඩු මෙච්චරක් තියෙනවා, ඒ ඒ නඩුවලට ගිහින් උසාවියට ඉදිරිපත් කරන්න කියලා. ඊටත් අමතරව මෙයාව එළියට කොහේට හරි එක්කාගෙන යනවා නම්, අත්වලට මාංචු දාලා එක්කාගෙන යන්න කියලා.
එතකොට හරක් කටා කරපු අපරාධවල ඇත්ත වගඋත්තරකාරයන්ගෙ පැත්තෙන් ගත්තොත්. ඒ වගඋත්තරකාරයන්ගෙ නඩු ටිකට මේ පාතාල සැකකරුවාව යොමු කරලා, ඒ පවුල්වල අයට යුක්තිය ඉටු කරවන්නයි සාලිය පීරිස් පෙනී හිටියේ.
ඒ වගේම එළියේ පාතාලයට උදව් කරන, පාතාලයේ මහමොළකරුවන්ගේ තොරතුරු අධිකරණයෙන් වසන් කරන, පොලිස් පාතාල කල්ලි සාමාජිකයන්ට විරුද්ධවයි සාලිය පීරිස් පෙනී සිටියේ.
ඒ වගේම සාලිය පීරිස්ගේ කාර්යාලය ඉදිරිපිට පිරිසක් විරෝධයක යෙදුණා. පොඩි පිරිසක්. ස්වාධීන මාධ්‍ය වේදීන් ගොඩක් ඒ තැනට ගිහින් සිදුවීම වාර්තා නොකරපු තැන හිරු සහ දෙරණ තමන්ගෙ ආයතනවලින් මයික් යවලා වොයිස් කට් අරන් තිබුණා.
ඔවුන් කියනවා, හරක් කටා විසින් ඝාතනය කරපු අය නෙවෙයි කියලා. පළවැනි කරුණ තමයි සාලිය පීරිස්ගේ කාර්යාලය කියන තැන, ප්‍රධාන පාරෙන් වෙන් වුණ, බොහෝ අය නොදන්න තැනක්. දැන් හිරුයි දෙරණයි කීවාම මිනිස්සු විශ්වාස කරන්න ඕනෑ මේ රැන්ඩම් මිනිස්සු ටිකක් එකිනෙකාව අඳුනගෙන, කතා වෙලා, සාලියගෙ ඔෆිස් එක තියෙන තැන දැනගෙන ඇවිත් විරෝධයේ යෙදුණා කියලා. ඒක කිව්වාම ‘ආ ඇත්ත වෙන්න ඇති‘ කියලා අපි හිතන්න ඕනෑ.
මේ යූඇන්පී කැත ඩ්‍රාමා අපි නොදැනද? මේ ඩ්‍රාමා තමයි මීට අවුරුදු ගාණකට කලින් රනිල් වික්‍රමසිංහට විරුද්ධව පා ගමනක් යන්න ලෑස්ති වුණාම මාතරදී කුරුඳුපොලුවලින් ගහලා කළේ. මෑත දවස්වල ජෝසෆ් ස්ටාලින්ගේ කාර්යාලය ළඟ, පෙබරවාරි 03 වැනිදා රෑ සාමකාමී සත්‍යග්‍රහයක යෙදුණු අයට වගේම ඊයේ පෙරේදා ලංකා ගුරු සංගමයේ විරෝධයට පෙන්නුවේ. මේ ඩ්‍රාමා නොදන්නවාද අපි?
චමුදිතලා, මව්බිම, හිරු, දෙරණ ඇතුළු ඔක්කෝම මේ වෙලාවේ ඉතාම මහන්සිවෙමින් කරන්නේ සාලිය පීරිස් කියන ජනාධිපති නීතිඥයාගේ ගෞරවය විනාශ කිරීම. මේක මාධ්‍යමය ඝාතනයක්. මාධ්‍යමය වධහිංසාවක්. ඒකෙන් අනාගතයේ මේ වගේ ස්වාධීනව, දේශපාලුවන්ට යට නොවී වැඩ කරන්න බලාපොරොත්තුවෙන වෘත්තිය නායකයන්ට පණිවිඩයක් දෙන්න බලනවා, උඹලාත් මෙහෙම කළොත් උඹලාටත් වෙන්නේ සාලියට වෙච්ච දේ තමයි කියලා.
හැබැයි අපට කියන්න තියෙන්නේ! ඔය බයිලා විශ්වාස කරන අයට ඔය බයිලා විශ්වාස ඇති. එත්, බහුතරයක් බුද්ධිමත් මිනිස්සු දැන් ඔය ඩ්‍රාමාකාරයන් ගැන හොඳට දන්නවා. සාලියගේ නමේ මඩ ගාන්න කොච්චර දැඟලුවත් ඒක හරියන්නේ නෑ.
මේ මඩ ගැහිල්ලට දායක වෙච්ච අනෙක් කෙනා තමයි කීර්ති රත්නායක.
කීර්ති රත්නායක කියන්නේත්, ටික දවසක් බන්ධනාගාරගතව හිටපු නිසා ඇතුළේ හදාගත්ත කන්ටැක්ට්ස් ටිකක් එක්ක, ඇතුළේ ඉන්න අය එක්ක කෝල් කරමින් වෙන්න ඕනෑ, කතන්දර ටිකක් අරගෙන මාර පාතාල ඉන්ටෙල් තියෙන ජාතියේ පොරක් විදියට හැසිරෙන බොරුකාරයෙක්. ඔහු කිසිම ගවේෂණාත්මක මාධ්‍ය භූමිකාවක් ඉටු කළේත් නෑ. නළු නිළියන්ගෙ ගොසිප් ගැන ලියන ගොසිප් මාධ්‍ය වේදියෙක්ට වඩා කීර්ති රත්නායකගේ වෙනසක් නෑ. ඔහු පාතාල, දේශපාලන ගොසිප්කාරයෙක්. එච්චරයි. ඒ ගොසිප්වලින් සමහරක් ඇත්ත. සමහරක් බාගෙට ඇත්ත. සමහරක් පට්ටපල් බොරු.
එකම දේ කීර්ති රත්නායක හිරගෙදර ඇතුළේ සිද්ධවෙන දේවල් ගැන කියන දේවල් සෑහෙන ඇත්ත. අපි එකක හිටපු අයත් විරෝධතා කරපු නිසා හිරේ ගියා. ඒ නිසා අපට සහතිකේට කියන්න පුළුවන් හිරගෙදර ගැන කියන දේවල් ඇත්ත බව. ඒත්, ඔහු කියන බොහෝ කතන්දර කවුරුහරි කෝල් කරලා කියන ගොසිප් එකක් නැවත ප්‍රචාරය කිරීමක් විතරයි.
මේ කතාවේදී ඔහු කියා තිබුණා මුලින්ම පාතාලයක් ඝාතනය ගැන ඉන්ටෙල් ආවේ ඔහුට බව. ඒක පල් බොරුවක්. ඔය ඉන්ටෙල් එක ආපු මාධ්‍යවේදීන් ගණනාවක් අපි දන්නවා. හැබැයි, ඔය වගේ කතන්දරයක් ආරංචිවෙච්ච ගමන් තකහනියක් ප්‍රසිද්ධ කිරීම යහපත් මාධ්‍ය භූමිකාවක් නෙවෙයි.
කීර්ති රත්නායක කියන පට්ටපල්ම බොරුව තමයි තමන් වෙනුවෙන් පෙනී සිටින්න සාලිය පීරිස්ට කතා කරද්දී, සාලිය පීරිස් ඩුබායි ගිහින් හිටියා කියලා. සාලිය ඩුබායි ගිහින් නැහැ.
සාලිය පීරිස් මේ සාකච්ඡාවේදී කීර්ති රත්නායක කියන තරම් මිල ගණන් අය කරන්නේත් නැති බව නීතිඥ සමාජයම දන්නවා. හැබැයි බාහිර සමාජයට මේක පතුරවපු ගමන් සාමාන්‍ය සමාජය මේ කතාව විශ්වාස කරනවා.
සාලිය පීරිස් රිට් ඇප්ලිකේෂන් එකකට ලක්ෂ 50ක් ගන්නවාලු, සීඅයිඩී විසිට් එකක් ගහන්න ලක්ෂ 10ක් ගන්නවාලු. හැබැයි, සාලිය පීරිස් සීඅයිඩී විසිට් යන ලෝයර් කෙනෙක් නෙවෙයි. සාලිය සීඅයිඩී විසිට් ගිහිල්ලා නෑ.
පොඩි ලැසී ඇතුළේ ඉද්දී සාලිය පීරිස්ට කතා කරලාත් නෑ. ඒවා බොරු. අපි මේ කාරණා නීතිඥවරුන් හරහා ඩබල් චෙක් කරගත්තා.
මෙතැන නීතිඥයන්ගෙ මිල ගණන් ප්‍රසිද්ධියේ කියන එක ආචාරධාර්මික නැති නිසා කියන්නේ නෑ. ඒත්, අපට කියන්න තියෙන්නේ ඉතා වෙහෙසවෙලා ඉහළට ගිය නීතිඥයෙක් වෙච්ච සාලිය පීරිස් මහතා අය කරන මුදල ඔය තරම් ලොකු නෑ. ඔහුගේ මට්ටමේ නීතිඥයන්ගෙ හැටියට සාලිය ගන්නේ අඩු මිලක්. හැබැයි සිල්ලර, සොච්චම් මිලකුත් නෙවෙයි. ඔහුට අයිතියක් තියෙනවා, යම් මිලක් නියම කරන්න. ඔහු ඒ මිල ගන්නවා.
හැබැයි ඔහු අපි වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී ඉඳලා තියෙනවා, සතපහක් අය නොකර.
අඩු තරමේ උපුල් කුමරප්පෙරුම වගේ ජූනියර්ලා ගණනාවක් එක්ක වැඩ කරන අතිශය ප්‍රකට සහ ප්‍රවීණ නීතිඥයෙක් සාලිය පීරිස්ගේ ජූනියර් කියලා හඳුන්වන එක තුළම කීර්ති රත්නායක නීතිඥ වෘත්තිය ගැන නොදන්නා බව ප්‍රසිද්ධ කරනවා.
කීර්ති රත්නායක වගේ චරිතවලට සාලිය පීරිස් වැනි කෙනෙකු උත්තර නොදෙන නිසා, ඕනෑ බයිලයක් එළියේ කියන්න ඔවුන්ට පුළුවන්. කීර්තිට තියා, පාර්ලිමේන්තුවෙ ඉඳන් බාල තක්කඩි කතා කියපු රනිල් වගේ කැත දේශපාලුවෙක්ට වුණත් සාලිය පීරිස් මහතා උත්තර දෙන්න ගියේ නෑ. ඔහු මහත්මා ගති ඇත්තේ.
ඊළඟට ලොකුම ජෝක් එක තමයි කීර්ති රත්නායක ගවේෂණාත්මක මාධ්‍ය වේදියෙක් කියන එක. ගවේණාත්මක මාධ්‍යවේදී කියන්නෙ මේ රස්නෙ රටේ කෝට් බෑයක් එල්ලං යන අයට නෙවෙයි. එහෙනං ඉතිං කීර්තියි, චමුදිතයි ගවේෂණාත්මකයි.
ඕනෑ ආණ්ඩුවකට විරුද්ද ප්‍රකට ජනමතයක් හැදෙනකොට, ඒ මතයට සෙට් වෙන කට්ටිය ඉන්නවා. මාර හොඳ අය කියලා, ජනතා විශ්වාසයක් යම් දුරකට දිනාගන්නවා. ඊට පස්සේ එකපාරම ඒ ජනතා විශ්වාසය පාවිච්චි කරලා, ජනතාව මොකක්හරි මතවාදයකට සෙට් කරන්න දඟලනවා. පහුගිය කාලෙ මතක ඇති අරගලේ හිටපු හාමුදුරුවරු සෙට් එකක්, රනිල් 13 ගේනවා කියලා ඒකට විරුද්ධව විරෝධතා කරලා රට ගිනිතියන්න හැදුවා. මිනිස්සු ඒකට අහු වුණේ නෑ. දැන් 13ත් නෑ. සාධුලාත් නෑ.
ගවේෂණාත්මක මාධ්‍ය කලාවේ අයනු ආයනු කියවන ළමයින් පවා දන්නවා, සාලිය පීරිස් වැනි කෙනෙකු ගැන මෙවැනි චෝදනාවක් කරන කෙනෙකු, ඒක කරන්න කලින් ඩබල් චෙක් කරන්න ඕනෑ. සාලියගෙන් ඒ ගැන දක්වන්න තියෙන ප්‍රතිචාරය අහන්න ඕනෑ. ඒ කිසිවක් නොකර කයිවාරු ගහන එක තමයි කීර්ති රත්නායක කරන්නේ. මෙවැනි කයිවාරුකාරයන්ට අපි කිසිදා මාධ්‍ය ආවරණය නොදෙන්නේ, ඔවුන්ව කිසිදා විශ්වාස කරන්න බැරි නිසා.
අවසානයේ එක දෙයක් අපි කියන්න ඕනෑ, නීතිඥවරුන්ගෙ ආචාරධර්ම අතර තියෙනවා යම් කෙනෙක චෙම්බර් එකට ආවොත් නීතිඥයන් හරවලා උඹ වෙනුවෙන් පෙනී කියන්නෙ නෑ. නීතිඥවරුන් පෙනී ඉන්නවා. පාතාලයන්යැයි කියාගත්ත අයටත්, දේශබන්දුලා වගේ කුප්‍රකට පොලිස් නිලධාරීන්ටත් නීතිඥයන් පෙනී ඉන්නවා. හොරු, තක්කඩි ඇතුළු ඕනෑ කෙනෙකුට නීතිඥවරුන් පෙනී ඉන්නවා.
මේ රට කාපු, මිනීමරු පන්නියේ අය මාරයි කියලා චමුදිතලා විසින් මාධ්‍ය හරහා පොරවල් කිරීමත් පෙනී ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, සාලිය පීරිස් කුඩ්ඩන්ගෙ සල්ලි ගන්නවා කියන චමුදිත සමරවික්‍රම දැන් සිල්වා පවුලේ හිරු ටීවී එකේ ජොබ් එක කරනවා. වීදුරු ගෙවල්වල ඉඳන් බයිලා ගහන්න යනවා.