පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවකු විමර්ශන කටයුතු සඳහා එළියට රැගෙන යන අවස්ථාවකදී මරණයට පත්වීම වැළැක්වීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සකස් කරන්න කියා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයක් නොතකා හැරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාසයක් කර ඇති නිසා, පොලිස්පති චන්දන වික්‍රමරත්න ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කැඳවා තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්. නවාස් සහ අචල වෙන්ගප්පුලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත මඬුල්ලක් ඉදිරියේ නඩුව විභාග කර තිබුණි.
පොලීසිය මෙලෙස පුරවැසියන්ට කෘර ලෙස සලකමින්, එවැනි හැසිරීම් සාධාරණීකරණය කරනු පිණිස වධහිංසාවට ලක් වූවන් හා ඝාතනයට ලක් වූවන් ත්‍රස්තවාදීන්, පාතාලයන්, මත්ද්‍රව්‍ය අපරාධකරුවන් හෝ වෙනත් හේතු නිදහසට කරුණු කියමින් සිටී.
මෙම ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම කැඳවූ අවස්ථාවේ විනිසුරු එස්. තුරෙයිරාජා කියා තිබුණේ වසර 200ක පොලිස් ඉතිහාසය තුළ පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයන් මියයෑම සිදුවන බවත්, මේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට අවස්ථා කිහිපයකදී නිර්දේශ දී ඇතත්, ඒවායින් පලක් වී නොමැති බවය.
මෙම පෙත්සම විභාගයට ගැනීමෙන් පසු වී. ශර්මිලාට වන්දි මුදලක් ගෙවන ලෙසද, පොලිස් අත්අඩංගුවේ පසුවන පුද්ගලයෙකු පොලීසියෙන් පිටතට ගෙනයෑමේදී අනුගමනය කළ යුතු පියවර රැගත් මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙසද නිර්දේශ කර තිබුණි.