වංචා සහගත ලිපිලේඛන ලග තබාගත් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ ප්‍රකාශයක් ලබාගැනීම සදහා සීඅයිඩීය ඇගේ නිවසටම ගොස් ඇත.
කන්ට්‍රි ප්ලේට් බංගලාව, අමරගොඩ පාර, හෝකන්දර උතුර යන ලිපිනයට ගොස් මෙම ප්‍රකාශය ලබාගෙන තිබේ.
සිදුවීමට අදාල පැමිණිලිකාර පාර්ශ්වය නියෝජනය කරන ඕෂල හේරත් ඇතුළු අය සීඅයිඩීයට ගෙන්වුවත්, ඩයනාට විශේෂ සැලකිල්ලක් දක්වමින් මෙලෙස නිවසටම යෑමට සීඅයිඩීය කටයුතු කර තිබේ. ඩයනාට ඇති චෝදනා මත ඇයව අත්අඩංගුවට ගත හැකි බව මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් කියා තිබියදීත් ඒ සඳහා කටයුතු කර නොතිබුණි.