ඥානක්කාගේ දුවගේ රන්බඩු සොරකම් කළ දෙදෙනා අත්අඩංගුවට

අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ දේවාලයක් පවත්වාගෙන යනු ලබන ඥාණක්කාගේ දියණියගේ නිවසේ සිදුවූවා යැයි පවසන ලක්ෂ 80කට අධික මුදල් සහ රන් භාණ්ඩ සොරකම් කළ දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.

අදාල සැකකරුවන් දෙදෙනා එම නිවසේ ගෘහ සේවය කළ කාන්තාව සහ ඇගේ ඥාති පුත්‍රයෙකු බව වාර්තා කර ඇත. මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ මාර්තු 22 දිනය.

මෙම සෙරකම ගැන අනුරාධපුර පොලිසියට මාර්තු 20 වන දින පැමිණිල්ලක් ඥානක්කාගේ බෑනා සිදු කර ඇති බව පුවතේ වාර්තා කර ඇත. ඔහු උකුරු මැද පළාතේ ව්‍යාපෘති කළමණාකරුවෙකු බවත් පුවතේ සදහන් කර ඇත.

නිවසේ කාමරයක අල්මාරියේ තිබුණු රුපියල් 650,000ක මුදල සමඟ තිබුනු රන්භාණ්ඩ තොගයක් සොරාගෙන ඇති බව ඔහු පැමිණිල්ලේ සදහන් කර ඇත. සොරාගෙන ඇති මුදල් සහ රන්භාණ්ඩ වල සම්පූර්ණ වටිනාකම රුපියල් 8,050,000 ක් බවත් සදහන් කර ඇත.

අල්මාරියේ පෙට්ටි තුනක රන්භාණ්ඩ තිබුණු බවත්, එහි රුපියල් ලක්ෂ 05 ක් පමණ වටිනා දියමන්ති ඔබවන ලද කරාබු ජෝඩු 02ක්ද, රුපියල් ලක්ෂ 06ක් පමණ වටිනා දියමන්ති ඔබ්බවන ලද මුදු දෙකක්ද, රුපියල් ලක්ෂ 09 ක් පමණ වටිනා දියමන්ති ඔබ්බවන ලද වළලු දෙකක්ද, රුපියල් ලක්ෂ 48ක් පමණ වටිනා දියමන්තිි ඔබ්බවන ලද රන් තැලි 03ක්ද ඇතුළුව තවත් මාල, වළලු, පෙන්ඩන් සහ මුදු රැසක් මෙසේ සොරා ගෙන ගොස් ඇති බව අදාල පැමිණිල්ලේ සදහන් කර ඇති බව පුවතේ වාර්තා කර ඇත.

අදාල සොරකම සිදුව ඇත්තේ මාර්තු 02 දාත් මාර්තු 20 වන දිනත් අතර දිනෙක බවත් මාර්තු 20 වන දින තමන්ගේ බිරිඳ මංගල උත්සවයකට යෑමට සුදානම් වු අවස්ථාවේදී අල්මාරිය පරික්ෂා කර බැලීමේදී මෙම සොරකම සිදුව ඇති බව දැනගන්නට ලැබුණු බවත් ඔහු පැමිණිල්ලේ සදහන් කර ඇත.

මෙම සොරකම සිදු කර ඇත්තේ අදාල නිවසේ වසර 6ක් පමණ සේවය කළ මෙහෙකාරිය බවත් එම කාන්තාවගේ සැමියාද එම නිවසේ සේවය කර ඇති බවත්, එම සැකකරුවන් දෙදෙනා මාර්තු 07 වන දින සොරකම වු නිවසෙන් ගොස් ඇති බවත් පොලිසිය පවසා ඇත.

පුවත් සබැදිය