කොළඹ නාට්ටාමිලා දසදහසකට වැඩ නැහැ

කොළඹට පැමිණෙන ගැනුම්කරුවන්ගේ අඩුව නිසා නාට්ටාමිවරුන් දසදහසක් පමණ අන්ත අසරණ වී ඇතැයි නාට්ටාමිවරුන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ කොතලාවල මහතා මාධ්‍යට වෙත පවසා ඇත.


සමහර නාට්ටාමිවරුන් ජීවිතය ගැන කලකිරීමට පත්ව ඇති බවත් කොවිඩ් පැවැති වසර දෙකක කාලයේදී කිසිදු වැඩකටයුත්තක් සිදුනොවීම නිසා ඔවුන් වඩාත් අන්ත අසරණ වූ බවත් ඒ මහතා පවසා ඇත.

කොළඹ නාට්ටාමිවරුන් 4000ක් ද, පෑලියගොඩ නාට්ටාමිවරුන් 6000ක් ද සේවාවල නිරත වන බවත් වගකිවයුතු මැති ඇමැතිවරුන්ට මෙම ගැටලුව ගැන දැනුම්දී සිටියත් මෙතෙක් කිසිදු සහනයක් ලබාදී නැති බවත් ඔහු පවසා ඇත.