ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් මෙවර ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන අරමුදල් රාජ්‍ය මූල්‍ය කටයුතු සඳහා ද භාවිතා කළ හැකි වී ඇතැයි ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා ඇත.
බුල්බර්ග් වෙබ් අඩවිය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පවසා ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන විස්තීර්ණ අරමුදල් භාවිතා කළ හැකිව තිබුණේ ගෙවුම් ශේෂ අර්බුදය සමනය කර ගැනීමට පමණයි. නමුත් මෙවර එම තත්ත්වය වෙනස්. ඒ අනුව මෙවර එම අරමුදල් රාජ්‍ය මූල්‍ය කටයුතු සඳහා භාවිතා කළ හැකි වී තිබෙනවා යැයි ඒ මහතා කීය. ඒ අනුව අයිඑම්එෆ් මගින් මෙරටට අදාළ අරමුදල ලැබුණ පසු විදේශ විනිමය මිලදී ගෙන වියදම් වෙනුවෙන් සමාන මුදලක් මුදල් අධිකාරියට ලබාදිය හැකිව තිබෙනවා යැයි ද හෙතෙම කියා ඇත.
විශේෂයෙන්ම දේශීය වෙළෙඳපොළින් මුදල් රැස් කිරීම වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් (අයිඑම්එෆ්) ලබාදෙන අරමුදල අයවැය සඳහා අපට භාවිතා කළ හැකි වී ඇතැයි ද නන්දලාල් වීරසිංහ මහතා අදාළ වෙබ් අඩවිය වෙත පවසා තිබේ.