රට මෙවන් ආර්ථික අගාධයකට ඇද දැමීමට හේතු වූ තීන්දු තීරණ ගත් බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ හිටපු අගමැති සහ හිටපු මුදල් අමාත්‍ය වන මහින්ද රාජපක්‍ෂ සහ හිටපු මහා භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල ඇතුළු 39 දෙනකු වග උත්තරකරුවන් කර ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක සම්බන්ධයෙන් විවාදය 2023 අගෝස්තු 5 දා ආරම්භ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මාර්තු 22 දින තීරණය කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.
අදාල පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ලබන මැයි 22 දාත්, ප්‍රතිවිරෝධතා ජුලි 9 දාත් තම අධිකරණය හමුවේ ගොනුකරන ලෙසටත් එහිදී දෙපාර්ශවයටම අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල මඩුල්ලම නියෝග කර ඇත.
එම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස නම් කොට තිබූ හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ යන මහත්වරුන්ට එරෙහිව තම අධිකරණය මීට පෙර පනවා තිබූ විදේශ ගමන් වැළැක්වීමේ නියෝගය ක්‍රියාත්මක නොවන බවද විනිසුරු මඩුල්ල එහිදී පෙන්වා දී ඇත.
අදාල වග උත්තරකරුවන්ගේ විදේශ ගමන් තහනම තවදුරටත් ක්‍රියාත්මක නොවන බව වහාම ආගමන විගමන පාලකයා වෙත දැනුම් දෙන ලෙසද විනිසුරු මඩුල්ල ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරයාට නියෝග කර තිබුණි.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වූ චන්ද්‍රා ජයරත්න, ලෝක පිහිනුම්ශූර ජුලියන් බෝලින්, ජෙහාන් කනගරත්න, ට්‍රාන්ස්පේරන්ස් ඉන්ටර්නැෂනල් ආයතනය හා ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහීන් මෙන්ඩිස් ඇතුළු පිරිසක් එම පෙත්සම් ගොනුකර තිබිණි.