රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීමට යෝජනා කළේ, පොදුජන පෙරමුණු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මාධ්‍ය හමුවකදී පවසා ඇත.
ඔහු මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී මාර්තු 22 දින පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදීය.
ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා අනුප්‍රාප්තික ජනාධිපති ධූරයට නුසුදුසු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ මතය වූ බවත් එබැවින් අලහප්පෙරුම මන්ත්‍රීවරයාට ඡන්දය නොදීමට පොදුජන පෙරමුණ ඒකමතිකව තීරණය කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත්කිරීමට පාර්ලිමේන්තුව තුළ සිදු කළ සියලු මෙහෙයුම් සිදුකළේ බැසිල් රාජපක්ෂ බවත් ඒ මහතා පවසා ඇත.
“රනිල්ව ජනාධිපති කළේ බැසිල්” පොහොට්ටුවෙන් මතක් කිරීමක්!
