පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ බන්ධනාගාර ගතව සිටි රැඳවියෙකු 20 වන දින පෙරවරුවේ බන්ධනාගාර සිර මැදිරියදී ගෙල වැලලාගෙන මියගොස් ඇති බව දිවයින පුවත්පත වාර්තා කර ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ හෙරොයින් මත් ද්‍රවය ළඟ තබාගත් චෝදනාවට වරදකරු වී පල්ලේකැලේ දුම්බර බන්ධනාගාර ගතකර සිටි දම්වෙල පදිංචි 27 වියැති ඩි.ජී.කේ. පෙරේරා යන අයෙකි.
පල්ලේකැලේ පොලිසිය මගින් තෙල්දෙණිය මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව තෙල්දෙණිය මහෙස්ත්‍රාත් දේවිකා ජයවර්ධන මහත්මිය විසින් බන්ධනාගාර රෝහලේදී සිරුර පරීක්ෂා කර
පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලෙසට මහනුවර අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා වෙත නියෝග ලබා දී ඇත.
