මෙරට පවුල්වලින් සීයට 48ක් එදිනෙදා කෑම වේල පිරිමසාගැනීම සඳහා මූල්‍ය ආයතනයකින් හෝ ණය දෙන්නෙකුගෙන් වැඩි පොලියට ණය ලබාගෙන ඇති බවත්, එසේත් නැති නම් ඔවුන් සතුව තිබූ රන් ආභරණ උකස් කොට මුදල් සොයාගෙන ඇති බවත් ලෝක ආහාර වැඩසටහනේ නවතම සමීක්ෂණ වාර්තාවෙන් පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකාවේ පවුල්වලින් සීයට 43ක් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වියදම් කරන මුදල් ප්‍රමාණය අවම කර, එම මුදල් ආහාර මිලදී ගැනීම සඳහා යොදවා ඇති බවත්, පවුල්වලින් සීයට 35ක් ඔවුන් ඉතිරි කරගත් මුදල් හෝ ගෙවීමට ඇති ණ්‍ය ගෙවීම් පැහැරහැරීමෙන් ඉතුරු කරගන්නා මුදල් ආහාර මිලදී ගැනීම සඳහා යොදවා ඇති බවත් එම වාර්තාවේ සඳහන් කර ඇත.
ආහාර මිල පිළිබඳ ශ්‍රී ලාංකිකයන් දක්වන කණස්සල්ල 2022 දෙසැම්බර් මාසයට සාපේක්ෂව 2023 ජනවාරි මාසයේදී සීයට 87ක් දක්වා වැඩි වී ඇති බවද එහි සඳහන් කර තිබේ. ආහාර සුරක්ෂිතතාව අතින් ජනවාරි මාසයේදී අවදානම්ම පළාත ඌව පළාත බවත් සීයට 47ක් ආහාර අනාරක්ෂිතතාවට මුහුණදෙන බව එහි සඳහන්ය.