මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධව විවිධ පාර්ශව විසින් මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව මුලික අයිතිවාසිකම් පෙත්සම් 1521ක් පමණ ලැබී ඇත.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෑතකදී නිවේදනයක් මගින් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා පොලීසියේ ගෞරවය කෙළෙසී ඇති බවත්, පොලිස්පති තනතුර සඳහා සුදුසු කෙනෙකු පත් කොට ගෞරවය ආරක්ෂා කළ යුතු බවය. මූලික අයිතිවාසිකම් කඩ කරන ආකාරයෙන් ක්‍රියාත්මක කරන පුද්ගලයන් දිගින් දිගටම පොලීසියේ ඉහළ තනතුරුවල රැඳී සිටී.
මහාචාර්ය අර්ජුන පරාක්‍රම විසින් ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඊට අදාළව කරන ලද කරුණු දැක්වීමකදී මෙම තොරතුරු අනාවරණය විය.
පසුගිය ජනවාරි 20 වැනිදා ආර්ථික අර්බුදයට විසඳුම් ඉල්ලා කොළඹ විශ්ව විද්‍යාලයේ සිට මුදල් අමාත්‍යාංශය දක්වා වෘත්තිකයන්ගේ සාමකාමී පා ගමනේ දී ඊට පොලීසිය විවිධ අවස්ථාවල දී බාධා වීම් සිදුවූ අතර එමඟින් ඔවුන්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව ඔහු සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත.