මිනිස්සු අසරණ වෙන නායයෑම් විනාශ අත ළඟ! දැනටමත් 790ක් අසරණයි

පැවති තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් බදුල්ල, ගාල්ල සහ මාතලේ දිස්ත්‍රිත්ත තුන සඳහා නාය යෑමේ අනතුරු හැඟවීම් නිකුත් කර තිබේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේම් කොට්ඨාශයට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මෙම අනතුරු හැඟවීම් නිකුත් කර තිබේ.

පැවති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් බණ්ඩාරවෙල ලියන්ගහවෙල කබරගල ප්‍රදේශයේ සිදු වූ නාය යෑමෙන් පවුල් 222කට අයත් පුද්ගලයන් 790 දෙනෙකු බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියා ඇත.