සල්ලි ලැබෙද්දී මුද්‍රණාලයේ ගංගානිලාගෙන් කඩදාසි හංගන සැලසුමක්?

මැතිවරණ කටයුතු සඳහා අනිකුත් මුද්‍රණ කටයුතු සඳහා ණයට ලබාගත් කඩදාසි ඇතුළු උපකරණ වෙනුවෙන් මුදල් ගෙවීම තවදුරටත් ප්‍රමාද වුවහොත් එම කඩදාසි සහ උපකරණ ඔවුන් ආපසු රැගෙන යෑමට ඉඩ ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ දිවයිනට ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව දැනට පවතින අධිකරණ නියෝග හේතුවෙන් මැතිවරණයට මුදල් ලබා දුන්නත්, ඒ වෙද්දී මුද්‍රණාලයේ ඇති කඩදාසි හැංගීමේ ඉඩක් තිබේ.

ණයට ලබාගත් කඩදාසි සහ උපකරණ වෙනුවෙන් සැපයුම්කරුට මිලියන 400ක මුදලක් ගෙවිය යුතු බව ඇය කියා තිබේ.

මේ සැපයුම්කරු මුදල් ඉල්ලා කරදර නොකරන නමුත්, කඩදාසි නැවත රැගෙන යනු ඇතැයි ඇය කියා තිබේ.

මෙය මැතිවරණය තවත් කල් දැමීම සඳහා තවත් එක් උපක්‍රමයක් විය හැක. මැතිවරණය සඳහා මුදල් නිදහස් කරන වෙලාව වන විට කඩදාසි නැති බව කීමේ ඉඩක් ඇත.