ඡන්දෙට ඕනෑ මුදල වාගේ කිහිප ගුණයක් සල්ලි ප්‍රින්ට් කරලා!

පළාත් පාලන මැතිවරණයේ වියදම් සඳහා රුපියල් මිලියන 400ක මුදල් ලබාදීමට නොහැකි බව ප්‍රකාශ කළත්, 2023 වර්ෂය තුළ මේ දක්වා අවස්ථා කිහිපයකදී ආණ්ඩුවේ වියදම් සඳහා රුපියල් බිලියන සියයකට වැඩි ප්‍රමාණයක් අවස්ථා කිහිපයකදී මුදල් මුද්‍රණය කිරීමෙන් මහබැංකුව වෙතින් ලබාගෙන ඇත.

මුදල් මුද්‍රණය කිරීම යනුවෙන් ප්‍රකාශ කළද, මෙම ක්‍රියාවලියේදී සැබෑ ලෙස සිදු වන්නේ මුද්‍රණ යන්ත්‍රවලින් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමක්නො වන අතර භාණ්ඩාගාරයේ අවශ්‍යතාව වෙනුවෙන් මහබැංකුව මුදල් ප්‍රවාහයට අලුතින් මුදල් හඳුන්වාදීම එමගින් හඳුන්වයි.

ශ්‍රී ලංකාවේ රජයට මුදල් නොමැති අවස්ථාවක එම මුදල් ලබාගැනීම සඳහා මහබැංකුව වෙත යොමු විය හැකි අතර, බිලියන සිය ගණන් එලෙස ලබා ගනී. විශේෂයෙන් මැතිවරණයක් වැනි අත්‍යවශ්‍ය සහ හදිසි වියදම් සඳහා එලෙස මුදල් ලබා දීමේ හැකියාව ඇත.

මැතිවරණය සඳහා අවශ්‍ය වන්නේ ඩොලර් බිලියන 10ක් පමණක් වන අතර, එම මුදල් ප්‍රමාණයෙනුත් ඉතා සුළු ප්‍රතිශතයක් හදිසියේ අවශ්‍ය වේ. අනෙකුත් ගෙවීම් බොහොමයක් ඉදිරි මාස කිහිපයේදී ක්‍රමිකව ලබා දිය යුතු. බොහෝ අමාත්‍යාංශවල සහ ආයතනවල වාර්ෂික වියදමට වඩා ඉතා අඩු මුදල් ප්‍රමාණයකි.

පසුගිය මාර්තු 15 වැනිදාත් ණය පියවීමේ අවශ්‍යතා මත ඩොලර් බිලියන 121කින් භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය වැඩි කරගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබුණි.