රනිල් ඔක්කොම බුල්ඩෝසර් කරන්නයි හදන්නේ! – ඩලස්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමුව මැතිවරණ කොමිසමට අත තැබූ බවත්, අනතුරුව අධිකරණයට අත තබා ඇති බවත් නිදහස ජනතා සන්ධානයේ ඩලස් අලහප්පෙරුම මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා ඊළගට අත තියන්නේ අධිකරණයට සහ මාධ්‍යයට යැයි කියාය.

සියලු ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයන් ජනාධිපතිවරයා විසින් බුල්ඩෝසර් කරමින් සිටින බවත්, පක්ෂ පාට බේදයකින් තොරව ඊට මුහුණ දිය යුතු බව කී ඒ මහතා පුරවැසියෙක් වී සටන් වදිනවාද එසේත් නැතිනම් යටත්වැසියෙක් වී සිටිනවාද යන්න තීරණය කළ යුතුව ඇති බවද ඒ මහතා කීය.