‘කුඩු සළිඳු‘ නීතියට පිටින් මරනවාට එරෙහි පෙත්සම කැඳවයි!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සළිඳු මල්ෂික ගුණරත්න හෙවත් ‘කුඩු සළිඳු’ නමැත්තාගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඔහුගේ මව විසින් ගොනුකර ඇති පෙත්සමට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය අද (20) නීතිපතිවරයාට කල් ලබාදුනි.

මීට පෙර අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධ කල්ලිවල සාමාජිකයන්ට කළ ආකාරයෙන්, සළිඳු මළිෂ්කව අධිකරණයට ඉදිරිපත් නොකර ඝාතනය කරන්නට ඉඩ ඇති බවත්, ඒ සඳහා සැලසුමක් ඇතැයි වාර්තා වන බවත් ප්‍රකාශ කරමින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

ඒ අනුව අදාළ සීමිත විරෝධතා අප්‍රේල් මස 4 වන දාට පෙර ගොනුකරන ලෙසත් අධිකරණය නීතිපතිවරයාට නියම කළේය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවනු ලැබීය.