පොලිස්පති ධුරය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳව ජනාධිපති වික්‍රමසිංහ හා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර විශේෂ සාකච්ජාවක් ඊයේ (19) පැවති බව The Leader වෙබ් අඩවිය වාර්තා කරලා තියෙනවා.
එම සාකච්ජාව සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ නීතිපතිවරයා ද එක්ව සිටි බව එම වාර්තාවේ සඳහන්.
පොලිස්පති පුරප්පාඩුව සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කළ යුතු බවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා එහිදී දැඩි ස්ථාවරයක සිට අදහස් දක්වා ඇති බවත් මේ වාර්තාවේ සඳහන්.
කෙසේවුවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ඇතැම් පාර්ශව වෙතින් එල්ල වී ඇති විරෝධය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ජා වී ඇති බව වැඩිදුරටත් එම වාර්තාවේ සඳහන්.
මේ අතර පසුගිය සතියේ අනිද්දා පුවත්පත වාර්තා කර තිබුණේ, දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පතිකම ලැබෙන බවට ප්‍රවෘත්ති පළ වී තිබුණේ, දේශබන්දු තෙන්නකෝන් විසින්ම මාධ්‍ය වෙත ‘මට පොලිස්පතිකම දෙන්න රනිල් තීරණය කළා‘ යනුවෙන් ප්‍රකාශ කරමින්, එම පුවත මාධ්‍යවල පැළ කරපු නිසා බව.