රට තුළ විනිමය අනුපාතය ඉහළ යනු ඇතැයි සිතමින් ව්‍යාපාරිකයන් වෙනත් රටවල් වල හැංගු ඩොලර් මිලියන 500ක් වෙළඳපොල වෙත මුදාහැරිමට හැකි වු මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසා ඇත.
මාර්තු 13 වන දින කොළඹ පැවැති සම්මන්ත්‍රණයකදී මහ බැංකු අධිපතිවරයා මේ බව පවසා ඇත.
රුපියල 203 ට ස්ථාවරව තිබියදී අඩු මුදලට ඩොලර් අරගෙන සඟවා තබාගැනීමේ කළු කඩ ද ක්‍රියාත්මකව පැවැති බවත් කාපට් යට, මෙට්ට යට ඇතැමුන් ඩොලර් සැඟවූ බවත් එම වෙළෙඳපොළ පරිවර්තනය කළුකඩ මාෆියාව යටතේ ක්‍රියාත්මක වූ බවත් ඒ මහතා පවසා ඇත.
මෙරට ආර්ථික අර්බුදයට හේතු වූ කරුණා බොහෝ ඇති බවත්, එයට ප්‍රධානම හේතූන් වූයේ මූල්‍ය අසමතුලිතතාව, රාජ්‍ය ආදායමට වඩා වියදම් කිරීම, විශාල අයවැය පරතරය සහ එය පියවීමට ණය ගැනීම බවත් මහ බැංකු අධිපතිවරයා පවසා ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ ද පවසා ඇත.
ණය ලබාගැනීමේ ප්‍රතිඵලයක් ලෙස රජයේ ණය, ස්වෛරීත්ව ණය නොසිතු ලෙස ඉහළ ගියා. මම රජයට පමණක් දොස් කියන්නේ නැහැ. රජය, කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව මූලිකව කරන්නේ ජනතාව ඉල්ලන දේ ලබාදීම. නමුත් ජනතාව තේරුම් ගත යුතුයි මේ සහන ලබාගැනීම රටේ ආර්ථික අර්බුදයට මගපාදන බව. ඒ වගේම මහ බැංකුවට සිදුවුණා රුපියල පාවෙන්න හරින්න. අපි එය කළේ අපේ මුදල් භාවිත කරලා. ඉන් ඩොලරය හමුවේ රුපියල ශක්තිමත් කරන්න හැකි වුණා. අපි සෑම වසරකම ඩොලර් බිලියන 6 ක ණය වාරික ගෙවිය යුතුයි. 2019 වනවිට අපට තිබුණේ ඩොලර් බිලියන 7 ක සංචිත. අපි එයත් සමග 2022 දී බිලියන 12 ත් 13 ත් අතර ණය ගෙවා දැමුවා.
ඇතැම් ව්‍යාපාරිකයන් කාපට් යට, මෙට්ට යට ඩොලර් සැඟවූ බව මහබැංකු අධිපතිවරයා පැවසූවත් ග්ලෝබල් ෆයිනෑන්ෂල් ඉන්ටර්ග්‍රිටි ආයතනය විශේෂ වාර්තාවකින් අනාවරණය කර තිබුණේ මෙරට ව්‍යාපාරිකයන් සහ දේශපාලනඥයන් විවිධ ක්‍රම හරහා ඩොලර් බිලියන 40 කට ආසන්න මුදල් ප්‍රමාණයක් විවිධ රටවල්වල රඳවාගෙන සිටින බවය.
https://www.dailymirror.lk/opinion/US-36-billion-of-Sri-Lankas-export-money-held-offshore/231-254732
තවද ලංකාවේ ආර්ථික විශ්ලේශකයන්, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන රාශියක් සහ ‘සටහන්’ මාධ්‍ය ආයතනය පසුගිය මාස කිහිපය තුළ පැවසූවේ ලංකාවේ ඇතැම් ව්‍යාපාරිකයන් විවිධ ක්‍රම හරහා ඩොලර් වෙනත් රටවල රඳවා තබාගෙන සිටින බවය.