සරණ ගුණවර්ධනට ඇප

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එහි වාහන අවභාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාව ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය අද (13) නියම කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එහි වාහන අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඒ මහතාට මෙලෙස අධිචෝදනා භාරදී ඇත. සරණ ගුණවර්ධන මහතා රුපියල් ලක්ෂ 10ක පුද්ගලික ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා මෙලෙස නියෝග කර ඇත.