අපි පැනලා යන්නෙ නෑ! අපි බයත් නෑ! රටේ මිනිස්සු අපිත් එක්ක ඉන්නවා! මහින්ද රාජපක්ෂ කියයි..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසි දිනෙක මැතිවරණවලට බියනොවන බවත් ජනතාව තමන් සමඟ සැමදාම සිටින බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත.

විවේචන තමන් භාර ගන්න සුදානම් නමුත් මඩ ගැසීම් තමන් භාර ගැනීමට සුදානම් නැති බවත් ගමට වැඩක් කරපු පක්ෂයක් තිබෙනවා නම් ඒ පොදුජන පෙරමුණ පක්ෂය පමණක් බවත් ඒ මහතා පවසා තිබුණි.

බොහෝ දේශපාලන පක්ෂ ගම් මට්ටමේ ජනතාවගේ සිතුම් පැතුම් හඳුනාගෙන නොමැති බවත් ඔහු පවසා තිබුණි.

තමන්ට බලය අත්හැරීම පුරුදු බවත් තමන්ට මේ මිනිස්සු මේ රට අත්හැර දමා යෑමට පුරුද්දක් නැති බවත් ඒ මහතා පවසා ඇත.

සමහර පිරිස් සිතා සිටියේ තමන් මේ රට අත්හැර පැනයයි කියා බවත් තමන් එසේ නොකළ බවත් මිනිස්සු සැමදාම සිටින්නේ තමන් සම බව තමන්ට විශ්වාසයක් ඇති බවත් ඒ මහතා පවසා ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා එම අදහස් පළ කළේය.

“සමහරු පසුගිය දවස් වෙකොට දිනලා හිටියේ. හුළං පුම්බලු බෝලයක් උඩ ගියා වගේ. දැන් බිමට එන්න පටන් අරගෙන තියෙනවා. එදා මේ අයට ඇවිත් රට භාරගන්න කිව්වාම ඔය කෑගහන දෙගොල්ලොම ඒ වෙලාවේ රට භාරගත්තේ නැහැ. එයාලා දන්නවා එයාලට කරන්න පුළුවන් හරිය කොච්චරද කියලා. මිත්‍රවරුනී මේ වගේ අය තමයි අහන්නේ, අපි ඡන්දයට බයද කියලා. අපි කිසිම බයක් නැහැ ඡන්දෙයකට. අපි ගමට වැඩක් කරපු පක්ෂයක්. එහෙම නැතුව TV එකෙන් දිනලා, පත්තරෙන් දිනලා, ගිහිල් ගමේ ඡන්ද කරන්න බැහැ. ඒ අය ඡන්දයට බය නැත්නම් ඇයි නිතරම ජනතාව කුපිත කරන්නේ ? අද ඒ අය පාසල් දරුවන්වත්, තව පැත්තකින් රෝගීන්වත් ප්‍රාණ ඇපයට අරගෙන එයාලගේ ඉල්ලීම් දිනාගන්න තැනට වැටිලා තියෙනවා. කම්කරු අයිතීන් දිනාගන්න එක වරදක් නෙමෙයි. හැබැයි මිනිස්සු ප්‍රාණ ඇපයට අරගෙන ආර්ථිකයත් ජන ජීවිතයත් කඩාබිඳ දානවනම් ඒ අය කරන්නේ මහ අපරාධයක්.”

https://www.facebook.com/watch/?v=758536365583373