ඡන්දෙ තියන්නේ නැත්තේ සල්ලි නැතිව නෙමෙයි! ඡන්ද නැතිව! ජීඑල්

මැතිවරණය පවත්වන්නේ නැත්තේ මුදල් නැති නිසා නොව රජයට ජනතාවගේ සහයෝගය නැති නිසා ඡන්ද නොලැබෙන නිසා බවත් මේ රජයට ජනතා සහය තිබෙන්නේ 8%ක් පමණක් බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍ය සාකච්ඡාවකදී පවසා ඇත.

රට පුරා දැවැන්ත රැල්ලක් ගොඩ නැගෙමින් ඇති බවත් ජනතාව වත්මන් පාර්ලිමේන්තුව කිසිසේත්ම පිළිනොගන්නා බවත් වර්තමාන පාර්ලිමේන්තුව ජනමතය පිළිනොගන්නා බවත් මෙම පාර්ලිමේන්තුව යල්පැනපු, අවලංගු කාසියක් වී ඇති බවත් ඒ මහතා පවසා තිබුණි.

මෙවැනි පාර්ලිමේන්තුවකින් රටේ ප්‍රශ්න විසදිය නොහැකි නිසා පාර්ලිමේන්තුවත් විසුරුවා හැරිය යුතු බවත් ඒ මහතා පවසා තිබුණි.

පලාත් පාලන මැතිවරණය පැවැත්වූවා නම් ජාතික මට්ටමේ මැතිවරණය තියන්න වෙනවා.රජය බය ඒකටයි. මැතිවරණය කල්දැමීමේ උත්සාහය අවසන් වෙලා නෑ. මේ අයට පැකිලීමක් ලැජ්ජාවක් නෑ. තමන්ගේ ආත්මාර්ථකාමී ඉලක්කය වෙනුවෙන් නොකරන දෙයක් නෑ. මැතිවරණ කොමිසමේ නියෝජිතයන් පාර්ලිමේන්තු ව හමුවට කැදවන්න සූදානම් උනා. ඒක සුදුසු නැහැ.එහෙම කරනවා නම් මේ කොමිෂන් සභා වලට ස්වාධීන කොමිෂන් සභා කියලා කියන්න බෑ. ස්වාධීන කියන කොමිෂන් සභා ස්වාධීන නාමමාත්‍රිකව පමණයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැදවන්න යෝජනා කලා.ඒක ඉතාම භයාණක තත්වයක්. යැයිද ඒ මහතා පෙන්වා දුන්නේය.