විදෙස්ගතව අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් සහ ශිෂ්‍යත්වලාභීන් 157 දෙනෙකු එක්ව ශ්‍රී ලංකාවේ සිසුන්ට සහ විශ්වවිද්‍යාලවලට පොලීසිය ඇතුළු වී පහරදීම හෙළාදකිමින් නිවේදනයක් නිකුත් කර ඇත.
මාර්තු 07 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයට සහ මාර්තු 08 වැනිදා කැලණිය විශ්වවිද්‍යාලයට පහරදීම මෙසේ හෙළා දැක ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආයතනගතව ප්‍රජාතන්ත්‍රවාදය හකුළමින් සිටින බවත්, ස්වාධීන ආයතන සීමා කරමින් සිටින බවත් එම නිවේදනයෙන් පෙන්වා දී තිබේ. පළාත් පාලන මැතිවරණයට බාධා කිරීමද එහිදී හෙළා දැක ඇති අතර, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මැතිවරණ පැවැත්විය යුතු බව පෙන්වා දී ඇත.
කොළඹ සහ කැලණිය විශ්වවිද්‍යාලවලට හමුදාව හා පොලීසිය ඇතුළුවීම ගැන ස්වාධීන විමර්ශනයක් කළ යුතු බවත් එමගින් පෙන්වා දී තිබේ.
එම නිවේදනයට අත්සන් තැබූ සිසුන් අතර ලෝකයේ රටවල් ගණනාවක සිට අධ්‍යාපනය ලබන ආචාර්ය උපාධි අපේක්ෂක සිසුන් ඇතුළු, ප්‍රකට ශිෂ්‍යයන් ගණනාවක් සිටී.
ප්‍රවීණ ලේඛක කෞෂල්‍ය කුමාරසිංහ, ක්‍රියාකාරී වරදාස් ත්‍යාගරාජා, ආර්ථික විශ්ලේෂිකා අමාලි වෙදගෙදර, ලේඛිකාවක සහ වෛද්‍යවරියක වන බෝධිනී සමරතුංග ඇතුළු පිරිසක් ඒ අතර සිටී.