පොලීසිය විශ්වවිද්‍යාලයට පහරදීමට එරෙහිව, කොළඹ නීති පීඨ ආචාර්යවරුන්ගෙන් නිවේදනයක්

මාර්තු 07 වැනිදා නීති පීඨයේ සිසුන්ට එල්ල වූ පොලිස් ප්‍රහාරයෙන් සිසුන්ට තුවාල සිදු වූ බවත්, විශ්වවිද්‍යාල ප්‍රජාව දැඩි අපහසුතාවට පත් වූ බවත් සඳහන් කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨ ආචාර්ය මණ්ඩලය මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

කොළඹ නීති පීඨයේ මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න ප්‍රමුඛ එම පීඨයේ මහාචාර්ය හා කථිකාචාර්යවරුන්/වරියන් 34 දෙනෙකු මේ සඳහා අත්සන් කර තිබේ. මේ අතර මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න ඇගේ ෆේස්බුක් ගිණුමේද මෙම ප්‍රහාරය හෙළා දකිමින් සටහනක් තබා ඇත.

මෙම ප්‍රහාරය හෙළා දකින බව එම නිවේදනයේ සඳහන් වන අතර, සමාජයේ සියලු තැනැත්තන්ට හිමි අයිතිවාසිකම් සුරැකීමේ වැදගත්කම අවධාරණය කර ඇත.

(ඡායාරූපයේ ඉන්නේ මහාචාර්ය වසන්තා සෙනෙවිරත්නය)