කොළඹ විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියෙකු ඊයේ එම විශ්වවිද්‍යාලයට එල්ල කරන ලද බිහිසුණු කඳුළුගෑස් ප්‍රහාරයෙන් පසු මරණයට පත් වී ඇත.
මරණයට හේතුව තවමත් නිල වශයෙන් තහවුරු වී නැති අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය සිදුවීම යටගසන්නට උත්සාහ කරන බව වාර්තා විය.
‘නීති පීඨයේදී ඔහු ඉතා දැඩි ලෙස කඳුළුගෑස් ප්‍රහාරයට ලක් වුණා. ඔහුගෙන් වතුර ඕනෑද කියලා ඇහුවාම, ඕනෑ නැහැ කියමින්, ටොයිලට් එකට ගියා. අනුරාධපුරයේ සිටි, මැදි වියේ කෙනෙක්. ටොයිලට් එකේදී එම නිලධාරියා මිය ගිහින්.‘ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක අප කළ විමසීමේදී පැවසීය.
ආණ්ඩුවෙන් සිදුවී යට ගසන්නට පෙර වැඩිදුර කරුණු සොයාගෙන සත්‍ය සමාජගත කිරීම පොදු සමාජයට භාර වනු ඇත.
කඳුළු ගෑස් පාවිච්චි කිරීම රසායනික අවියක් ලෙස පෙන්වාදෙමින්, එය නතර කිරීම සඳහා ලෝකයේ අත්සන් කරන ලද සම්මුතීන් ඇති අතර, ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ගණනාවක ඒවා පාවිච්චියට එරෙහිව දැඩි අදහස් ඇත. මෙරට ජනතාවට සාමාන්‍ය දෙයක් ලෙස හුරු වී තිබුණත්, කඳුළු ගෑස් පාවිච්චිය ලොව පුරා ප්‍රතික්ෂේප වී තිබේ. එහෙත් මෙරට සතියට කිහිප වතාවක් කඳුළු ගෑස් එල්ල කිරීම සාධාරණීකරණය කර ඇත.